Posts

Showing posts with the label රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

මෛත්‍රීපාල සිරිසේන ජේ.ආර්.ටත් එහා ගිය තීන්දුවක: හැබැයි නිවේදනයේ කර්තෘ අඥාතයි

Image
( 2010 නොවැම්බර් 10,  W3Lanka )  ලෙඩ නිවාඩු දමමින් රෝහල්වල සේවයට වාර්තා නොකළ හෙද නිලධාරින් සියලූ දෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ‍අද සවස ජනමාධ්‍ය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රවෘත්තියේ විශේෂ ලක්ෂණය වන්නේ මෙම නිවේදනය නිකුත් කළ නියමිත පුද්ගලයකු නැති වීමයි. හෙද නිලධාරීන් සේවය හැර ගියා සේ සලකන බව පවසන්නේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ද? නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අතුල කහඳ ලියනගේ ද නැතිනම්, අද දින සියලූම හෙද කාර්ය මණ්ඩල නිවාඩු අවංලගු කිරීමට තීරණය කළ බව කලින් නිවේදනය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් ද? නිවේදනයේ කර්තෘ අඥාත ය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වනාහි අද වන විට හෙද සේවයේ වඩාත් ම සක්‍රිය සංවිධානයයි. එහෙත්, තවමත් වැඩි ම සාමාජිකත්වයක් ඇත්තේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නායකත්වය දෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයටයි. දැනට කලක සිට ම ආනන්ද හිමි ආණ්ඩුවට කඩේ යමින් හොරිකඩකම්වල යෙදෙමින් සිටියි. හෙද සේවයේ වෘත්තීය සමිති බලය සඳහා මෙම සංගම් දෙක අතර තියුණු තරගයක් තිබෙන අතර හෙද ඉල්ලීම් නො තකා හරිමින් දිගින් දිගට ම ආණ්ඩුවට කඩ...

හෙද නිලධාරීන්ගේ සටන | Sri Lanka government nurses struggle for rights

Image
( 2010 අගෝස්තු 18,  W3Lanka )  හෙද සේවාවට බලපාන මුලික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සම. සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්යන බැවින් අගෝස්තු 18 දින දහවල් 12.00 ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළේ ය. හෙදියන්ගේ ඉල්ලීම් මෙසේ ය.  1. පරිපූරක සේවාවට ලබාදුන් පරිදි වසර 12 කින් හෙද සේවාවට 1 ශ්‍රේණිය ලබා දීම ක‍්‍රියාත්මක නොකිරීම 2. හෙද සේවාව සඳහා දින 05 සතිය ලබාගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනතුරු එළිනොදැක්වීම 3. හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සංගමය ඉදිරිපත් කළ සමහර යෝජනා ඇතුලත් නොකිරීම 4. හෙද උපාධිය පිළිබඳව පැවැත්වූ අමාත්‍ය සාකච්ඡාවේදී ඇතිවු එකගතාවන් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවීම 5. හෙද නිලධාරීන්ගේ ඩිප්ලෝමා සහතික ලබාදිමට යෝජනා කල කඩිනම් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක නොවිම 6. හෙද අධ්‍යක්ෂ, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර නොගැනීම 7. හෙද නිලධාරීන්හට පත්වීම් දීමේදී කුසලතාවය මත පත්වීම් දෙන ක‍්‍රමය උල්ලංඝණය කිරීම Y...