Posts

Showing posts with the label යුස හමුදාව

'කුමන්ත්‍රණකාර' සරත් ෆොන්සේකා ළඟදී අත්අඩංගුවට

Image
(2010 ජනවාරි 31 - W3Lanka )  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා කුමන්ත්‍රණයක් මෙහෙයවා ඇති බවට ආණ්ඩුව චෝදනා කරන අතර දැනට පරීක්ෂණ කරගෙන යන ආකාරය අනුව ඉදිරි දින කීපය ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුව මෙහෙයවන බටහිර බලවේගයක උදව්වෙන් රටින් පිටව යාමට හෝ ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පවසති.  ඔහු සහ පවුලේ අය රටින් පිටවීම ගුවන් තොටුපළෙන් වළක්වා ඇති බව ඔහු පවසයි. මෙය රටින් පිට වී නො ගොස් සිටීමට කරන තවත් කුමන්ත්‍රණයක් විය හැකි ය. අප කුමන්ත්‍රණ පිළිබඳව නො දන්නා මුත් මෙම කුමන්ත්‍රණය පිළිබද මාධ්‍ය වාර්තා අධ්‍යයනය කරන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ‍ෆොන්සේකා කුමන්ත්‍රණයක්වත් හරියට කර ගැනීමට දන්නා කෙනෙකු නො වන බවයි. මීට වඩා හොඳ සැලසුම් හොලිවුඩ් චිත්‍රපට බලන මන්ද බුද්ධිකයෙකුට පවා සැකසිය හැකි ය. ජනාධිපති වන්නට තරග කර ඇත්තේ ද ලක්ෂ හතළිහකට වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය දී තිබෙන්නේ ද එවැන්නෙකුට ය.  හමුදාපතිව සිටි සමයේදී ලෙහෙසියෙන් ම කුමන්ත්‍රණයක් කරන්නට හැකියාව තිබුණු සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලා දිනුව හෝ පැරදුණ හෝ විට කුමන්ත්‍රණයක් දියත් කරන්නට සැලසුම් කළේ ඇයි ද යන්න බරපතල ප්‍ර...