උතුරට යාල්දේවිය යන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉදිරියට චලනය විය යුතු ය
යාල් දේවි අද සිට නැවත යාපනයට ධාවනය වේ. ඒ හරියට ම වසර 24කට පසුවයි. ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කොටි සංවිධානය කළ යුද්ධය අවසන් වී පස් වසරකට පසුවයි. දුම්රිය මාර්ගය නැවත ඉදි කෙරුණේ ඉන්දීය රජයේ උපකාරයෙනි. කෙටි සංවිධානය මෙම දුම්රිය මාර්ගය ගලවා එහි යකඩ හා ලී යුද කටයුතු වෙනුවෙන් භාවිතා කළේ ය. සටන් විරාම සමයේ උතුරු ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී දුම්රිය මාර්ගය දිස් වූයේ තවත් ගුරු පාරක් ලෙසයි. “අපරාදෙ!" මම කීවෙමි. “ඊලාම් රාජ්‍යය පුංචියි. ඒකට කෝච්චි ඕනැ නැහැ," යි දැන් විදේශගත වි සිටින සිංහල ඊලාම්වාදියෙක් මට පිළිතුරු දුන්නේ ය. ලෝකයේ කොතැනක හෝ දේශ සීමාවක් සලකුණු වී වැටක් බැඳීම පීඩිත පංතික ජනයාට ප්‍රීති වීමට කරුණක් නො වේ. පීඩිත ජාතීන්ගේ හිමිකම් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය. එහෙත්, පීඩිතයන් තමන්ගේ අවකාශය වෙන් කර ගත් පමණින් පීඩනය අවසන් වන්නේ නැත. එයින් සිදු වන්නේ තවත් එක් සිර ගෙයක් නිර්මානය වීම පමණි. ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතීන් වශයෙන් රාජ්‍ය වෙන් කර ගැනීම නො වන බව අපි දිගින් දිගට ම අවධාරණය කළෙමු. ජාතික සීමාවන් අතික්‍රමණය කරන නව සංදර්භයක් තුළ දේශපාලන ප්...