Posts

Showing posts with the label මහාචාර්ය ආරියරත්න කළුආරච්චි

මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන

Image
මම නර්තනය ගැන එතරම් දෙයක් නො දනිමි. එහෙත්, මම නර්තන රසිකයෙක්මි. නර්තනයක් ගැන විවරණයක් ලියන්නට මම නො දනිමි. එහෙත්, මේ නර්තනය මම උපරිම අන්දමින් වින්දෙමි. ඒ වින්ද රසය හා එයින් අත් වූ චිත්ත ප්‍රමෝදය ඔබ සමග බෙදා නො ගෙන සිටිය නො හැකි බැවින්මේ සටහන තබමි. ලංකාවේ සරසවි ඇදුරන් පිරිසක් ගැන සතුටක් ඇති වීම ද ඉතා දුලබ සංසිද්ධියකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් නිර්මානය කරන ලද මන්තිරි වන්නම සත්තකින් ම අති විශිෂ්ට නිර්මානයකි. එය වන්නම්, කෝලම්, ඉඟි නළු, නාට්‍ය ආදී ෂානර රැසක් ඔස්සේ විවරණය කළ හැකි මාහැඟි නිර්මානයකි.  වන්නම් සම්ප්‍රදාය ඔස්සේ යමින් නවතම නාද රටා හා තිත් රූප ඔස්සේ නිර්මානය කර තිබෙන මෙම 'මන්තිරි වන්නම' මා දන්නා හැටියට 2009දී නිර්මානය කරන ලද ඔහුගේ තුන් බිය මුද්‍රා නාට්‍යයේ අංගයකි. මෙවැනි ම වූ 'ඇඟලුම් වන්නම' හා 'ගුරුදේව වන්නම නම් වූ වන්නම් දෙකක් ද එහි අඩංගු බව අසා ඇත්තෙමි. එහෙත්, මෙහිදී සැබැසින් වේදිකාවේ නො දුටු, වේදිකාවකදී කළ රංගනයක සාමාන්‍ය වීඩියෝවකින් පමණක් දුටු මේ රංගනය වෙන ම ගෙන සලකා බලමි. එය ඉ...