Posts

Showing posts with the label මර්සි මිෂන්

දෙමළ විදෙස්ගත ප්‍රජාව කැප්ටන් අලි පිටේ එවූ සහන බඩු නැව ඔන්න ලංකාවට එනවා

Image
(2009 ජුලි 09) පසුගිය අප්‍රෙල් මාසයේදී බ්‍රිතාන්‍යයේ දෙමළ විදෙස්ගත ප්‍රජාව විසින් කොටින්ගේ පරාජයට පෙර යුද මුක්ත කලාපයේ සිර වී සිටි සිවිල් වැසියන්ට බෙදා දීම පිණිස 'සානුකම්පා දූතමෙහෙය' නමින් එවන ලද සහන ද්‍රව්‍ය තොගය මාස ගණනාවක ප්‍රමාදයකින් හා නාට්‍යමය සිද්ධි රැසකින් පසු හෙට දින කොළඹ වරායට සැපත් වීමට නියමිතය. ඒ එන්නේ කලින් ලංකාව විසින් අත්අඩංගුවට ගෙන පිටමං කරන ලද කැප්ටන් අලි නෞකාවෙන් නොව කේප් කොලරාඩෝ නම් වෙනත් නැවකිනි. ලංකාව මෙම සහන ද්‍රව්‍ය භාරගැනීම ප්‍රතික්ෂේප කළ මුත් එම නැව චෙන්නෛ වරායෙන් පිටත නැංගුරම් ලාගෙන සංවිධායකයන් තමිල්නාඩු මහඇමති කරුණානිධි මාර්ගයෙන් ඉන්දීය රජය හරහා කරන ලද බලපෑම් හේතුවෙන් පසුව භාර ගැනීමට එකඟ විය.  දෙමළ විදෙස්ගත ප්‍රජාව මේ වන විට රජයේ කඳවුරුවල සිටින දෙමළ අවතැන් වූවන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකරන අතර, ඒ වෙනුවට, දෙමළ ඊලාම් අරගළය ඉදිරියට ගෙන යාම සඳහා  පාරජාතික ඊලාම් පාලනයක් පිහිටුවීම සඳහා වෙහෙසෙමින් සිටිති. මෙට්‍රික් ටොන් 884ක් බර වන මෙම සහන ද්‍රව්‍ය කන්ටේනර් 27 කාට කෙසේ වෙතත් අවතැන් කඳවුරුවල සිටින දෙමළ ජනයාට නම් තම දුක්ඛිත ජීවිත මඳකින් හෝ ඉහ...