ණය පොළිය හා තැන්පතු පොළිය අතර පරතරය හා සේවා ආර්ථිකයේ මධ්‍යම පංතිය
(2010 ජුලි 18, W3Lanka ) මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර කවුරු වුණත්, ඉඳහිට හොඳ කතා කියයි. බැංකුවල ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත අතර පවතින විශාල පරතරය ඉතාම අකාර්යක්ෂම තත්ත්වයක් බව ද, බැංකු විසින් පොලී අනුපාත යම් මට්ටමකින් අඩු කර තිබුණත්, ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක් පවත්වාගෙන යැමෙන් බැංකුවල ලාභය ඉහළ ගොස් තිබීම භයානක තත්ත්වයක් බව ද මහාභාණ්ඩාගාර ලේකම්වරයා කියා සිටියේය. මේ පොලී අනුපාත අතර පවතින පරතරය අඩුකර ගැනීමේ යුගයකට අප පිවිස ඇති බව කොළඹ ඇක්සස් ටවර්හිදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විවෘත කිරීමෙන් පසු ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආචාර්ය ජයසුන්දර සිකුරාදා කීවේය. ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක් පවත්වාගෙන යාමට සිදු වි තිබෙන්නේ බැංකුවල අධික මෙහෙයුම් වියදම් ආවරණය කරගෙන ලාභ ලැබීම සඳහා ය. මෙහෙයුම් වියදම් අධික ම බැංකු වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු ය. කලකට ඉහතදී මේවාට අරක් ගෙන සිටියේ දේශපාලන පත්වීම් ලද අයිස්කාරයෝ ය. දැනුත්, මේ බැංකුවලට රිංගා ගන්නේ දේශපාලන අනුග්‍රහය ලත් පිරිස් වනමුත්, කලින්...