මදුරු මර්දනයට ගෙන එන පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි එකක්
(2011 ජුලි 03, W3Lanka ) දැඩි මුල්‍ය අර්බුදයක සිටින ලංකාවේ ආණ්ඩුව ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අසමත් වීමේ සිය බැරිකම වසා ගැනීමට හා මදුරු මර්දන ස්ථාන පවත්වාගෙන යන්නන්ට දඩ ගැසීමේ මුවාවෙන් නව ආදායම් මාර්ගයක් සකසා ගැනීම සඳහා 2007 අංක 17 දරන මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනතේ වගන්ති 14ක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. නුදුරු දිනවලදී කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කැ ගැනීමට බලාපොරොත්තු වන මෙම පනත අනුව, මදුරුවන් බෝ කරන බවට පුද්ලලයන්ට චෝදනා ඉදිරිපත් කර උසාවි ගෙන ගොස් හිරේ දමන බවට බිය වද්දා එවේලේ ම රු. 2000ක දඩයක් අය කර ගත හැකි ය. මේ ආකාරයට ඕනෑම පුද්ගලයකුට එරෙහිව දඩ ගැසීමට කරුණු සොයා ගත හැකි නිසා මෙමගින් විශාල ආදායමක් ලබා ගත හැකි වනු ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුවට පෙන්වා දී ඇති බව වාර්තා වේ. නව නීති අනුව, කිසිදු අනුමැතියකින් තොරව ඕනෑම අවස්ථාවක මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ බලතල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ කීට විද්‍යාඥයින්ට හිමි වේ. තමන්ට පළි ගැනීමට අවශ්‍ය පුද්ගලයන් මදුරු බෝ කරන්නන් ල...