වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට | Sampathnuwara of Welioya, Mihinthale rail track and Hambanthota
( 2010 නොවැම්බර් 14, W3Lanka ) සංවර්ධනය කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙවෙයි කියා කියන්නේ රෙජිනෝල්ඩ් කුරේ අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ය. "සංවර්ධනය කියන්නේ සිතූ පැතුම් ඉටුවන ඇලඩින්ගේ පුදුම පහනක් නොවෙයි. මතුපිටින් අර්ථ ගැන්වීම අනුව ලාභය හා සුඛවිහරණය පමණක්ම නොවෙයි. අප පිළිගත යුතු තිත්ත ඇත්තක් තිබෙනවා. සංවර්ධනයේ මූලික අවදියේදී අප විශාල කැප කිරීම් සිදු කළ යුතුයි. අඟහිඟකම් අඩුපාඩු තිබෙන්න පුළුවන් ඒ සියල්ලම තාවකාලිකයි. අප දුක් වින්දොත් තමයි ඊළඟට සැප විඳීමට පුළුවන්කම ලැබෙන්නෙ," යි ඔහු දිනමිණට පවසයි. එහෙත්, කලක් වරාය කෑ ඇමති කෙනෙකු වූ මංගල සමරවීර කියන පරිදි හම්බන්තොට වරාය ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලතම සුදුඅලියා ය. ලබන 18 දාට මේ වරායට ජාත්‍යන්තර මට්ටමේ වාණිජ නැවක් ඇතුළුවන බව ආණ්ඩුව කියනවා නම්, දෙවන ජාත්‍යන්තර වාණිජ නැව හම්බන්තොට වරායට සේන්දු වන්නේ කවදාදැයි ප‍්‍රකාශ කරන ලෙස අභියෝග කරන සමරවීර, මෙය මහින්ද රාජපක්ෂ හෙවත් මායාරත්නගේ තවත් මායාවක් පමණක් බවත් ඔහු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සඳහන් කරයි. තමා වරාය ඇමැති ලෙස සිටියදී එම සියලූ ශක්‍යතා වාර්තා සලකා බලා අවසානයේ උපදෙස් ලැබුණේ නැව්වලට ...