බොදුබල සේනා නායකත්ව විද්‍යායතනය විවෘත වූ දවසේ බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියේ සිසුවකුව
බොහෝ කලකට පෙර අහිමි වූ හා අතහැර දමන ලද ශාස්ත්‍රෘලයීය අධ්‍යාපනයේ හිස්තැන පුරවා ගන්නට බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියට බැඳුනෙමි. දැනට රෝගාතුරව සිටින මහැදුරු සුචරිත ගම්ලත් වියතාණන්ගේ උදාර සංකල්පයක් අනුව ආරම්භ වූ බෘහස්පතියේ අරමුණ සාහිත්‍ය, කලා ක්ෂේත්‍රයන්හි නියුතුව සිටින ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සැබැවින්ම අවශ්‍යව සිටින ක්‍රියාධරයනට සම්ප්‍රදායික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ඉක්මවා ගිය පුළුල් ශාස්ත්‍ර ගවේශනයක් සඳහා දොරටු විවර කරදීම ලෙස මම තේරුම් ගනිමි. මෙම සත්කාර්යය අප විසින් සුහද සිතින් පිළිගත යුතු, දිරිදිය යුතු, රැකගත යුතු දෙයකි. බොදු බල සේනාව වැනි ජාතිවාදී, ආගම්වාදී සංවිධානයක් විදේශාධාර හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරක්ෂක ලේකම්ගේ අතින් නායකත්ව පුහුණු ආයතනයක නමින් අධ්‍යාපන ආයතනයක් විවෘත කළ දිනම බෘහස්පති සරසවියේද කටයුතු ආරම්භ වීම සුවිශේෂ සමපාත වීමකි. බොදු බල සේනා බෞද්ධ නායකත්ව විද්‍යායතනය හෙවත් Bodu Bala Sena Buddhist Leadership Academy පිළිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය: "මෙම විද්‍යායතනයෙන් රටට ජාතියට, තම දහමට ආදරය සහ ගෞරවය දක්වන සිරිත් මල්දම, බුද්ධ ගජ්ජය, සකස්කඩෙන් පටන්...