Posts

Showing posts with the label බුද්ධි ගලනය

ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය

Image
අප විසින් කලින් ලියන ලද ලිපිය ( කියවන්න: ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද? ) අපේ ඇතැම් විදෙස් මිතුරන්ගේ හිත් අමනාපයට හේතු වී ඇති බව පෙනේ. එබැවින් එම මාතෘකාව පිළිබඳව වැඩිදුර කතා කිරීමට සිතුවෙමි. ඇතැමෙක් එය ගත්තේ තමන් කාලා ඇඳලා ඉන්නවාට ඇති ඉරිසියාව නිසා ලියූ කුහක ලිපියක් ය කියා ය. මගේ ලිපිය රැකියා සඳහා විදේශගත වූවන්ට අදාළ වන්නේ නැත. ඔවුහු ඇත්තෙන්ම මේ රටේ ජීවනාලියයි. අපේ රටේ ආර්ථිකය දරා සිටින ප්‍රධාන කුළුණ ඔවුහු ය. මා මේ කතා කරන්නේ ජාතිය වෙනස් කිරීම ගැනයි. මගේ මූලික තර්කය වන්නේ අලුත් දෙයක් නොව, බුද්ධි ගලනය අපේ සමාජයේ උන්නතියට බරපතල බාධාවක් බවයි. බුද්ධි ගලනය ගෝලීයකරණයේ වර්ධනයත් සමග තීව්‍ර වී තිබේ.  කොටින් ම, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින පසුගාමී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ජීවත් වන මිනිසුන්ගේ මූලික පරමාදර්ශයක් වන්නේ කිසියම් දිනෙක තමන්ගේ පරම්පරාව ස්ථිරව රට හැර ගොස් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගැනීමයි. ඔවුන්ගේ දේශප්‍රේමයේ සීමාව ද්විත්ව පුරවැසිකමයි. මේ ද්විත්ව පුරවැසියන්ගේ පළමු පරම්පරාව ඇත්තෙන් ම රටේ පැවැත්මට ගැටලුවකි. මේ මොහොතේ එය දෙමළ සමාජයට තදින් දැනෙමින් තිබ...