Posts

Showing posts with the label බස්නාහිර

ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි

Image
අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය. මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන. ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව්...

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන්ට චිනයේ ආතල්; ජවිපෙ විතරක් එපා කියයි

(අගෝස්තු 16, 2009 - W3Lanka) රජය විසින් බස්නාහිර පළාත් සභා‍වේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීනට චීනයේ පිං සවාරියක් පිරිනමා තිබේ. මෙම පිං සවාරිය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනා පමණි. එජාපෙ, ජානිපෙ, හෙළ උරුමය, බස්නාහිර ජනතා පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ආදී දූෂණය‍, නාස්තිය ගැන බෙහෙවින් කතා කරන පක්ෂවල පළාත් සභා මන්ත්‍රීන් කවුරුත් මෙම සවාරිය පිළිගෙන තිබේ. මන්ත්‍රීන් 101ක් සඳහා වූ මෙම නව දින විනෝද චාරිකාව සඳහා පළාත් සභාව විසින් දරනු ලබන වියදම රු. කෝටි තුනකට අධික වේ. රෝසි සේනානායකගේ නායකත්වයෙන් ‍මන්ත්‍රීන් 24කගෙන් යුත් එක් කොටසක් දැනටමත් පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ආ පසු සෙසු පිරිස යති. රජය කියන්නේ මෙය අත්‍යවශ්‍ය අධයයන චාරිකාවක් බවයි. බලය බෙදීමට විරුද්ධ වත්මන් පාලනය විසින් බලය බෙදීමේ ක්‍රමයක් නැති චීනයෙන් උගන්වනවා ඇත්තේ බලය නොබෙදා සිටින ආකාරය විය හැකි ය.