Posts

Showing posts with the label පෞද්ගලීකරණය

පරණ බෝතලේ අලුත් වයින්: රාජ්‍ය දේපල විකුණන් කෑම දැන් අලුත් නමකින්

Image
(2011 මාර්තු 27,   W3Lanka )  මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා ප්‍රතිව්‍යූහගත කරනු ලැබේ. ප්‍රතිව්‍යූහගත කරනවා කියන්නේ කොටස්වලින් 50%ක් රජය සන්තකයේ තබාගෙන ඉතිරි 49% පෞද්ගලික අංශයට විකිණීමයි. කලින් ලංකා ඔක්සිජන් සමාගම ෂෙල් කොම්පැනියට විකිණීම, එයා ලංකා ගුවන්සේවය එමිරේට්ස් සමාගමට විකිණීම, ටෙලිකොම් ජපන් එන්.ටී.ටී. සමාගමට විකිණීම වැනි වැනි කටයුතු කෙරුණේ ද මේ අන්දමට ම ය. ඒවායේ පෞද්ගලික අංශයට දුන් කොටස් ප්‍රතිශතයන් මීට වඩා අඩු ය. කලින් එයට කියුවේ පෞද්ගලීකරණය කියා ය. නැතිනම් විකුණන් කනවා කියා ය. මේ කැත වැඩේ කළ ආණ්ඩුවල කැබිනට් මණ්ඩලවල වත්මන් ජනාධිපතිතුමා ද සිටියේ ය. එහෙත්, ජනාධිපති වූ පසු එතුමා එයට විරුද්ධ ය කියා කියනු ලැබේ. කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නවා සේ දැන් මේ වැඩේට කියන්නේ ප්‍රතිව්‍යූහගත කිරීම කියා ය. මක් නිසා ද යත්, අපේ ජනාධිපතිතුමා පෞද්ගලීකරණය කරන්නේ නැත. මෙන්න මුලින් ම 'ප්‍රතිව්‍යූහගත' කරන්නට යන ආයතන පහ: ඇඹිලිපිටිය කඩදාසි සංස්‌ථාව, ලංකා පිඟන් සංස්‌ථාව, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව, මාවනැල්ල රබර් පර්යේෂ...

රාජ්‍ය දේපල පෞද්ගලීකරණය ගැන ස්ථාවරය කුමක්ද?

(2010 ජුනි 06,  W3Lanka )  භීතිය විකිණීම අපි ප්‍රතිපත්තියක් වශයෙන් හෙළා දකිමු. එහෙත්, ජුනි 05 දිවයින පුවත්පතේ සඳහන් පහත පුවත විශ්ලේෂණය කර බලන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු. "පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ආයතන සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යාංශ කිහිපයකින් සමන්විත කමිටුවක්‌ පත්කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙක්‌ එම කමිටුවට අයත් වෙති. පාඩු ලබමින් පවතින එහෙත් සුවිශේෂී හේතු නිසා ලාභදායී තත්ත්වයට පත්කළ නොහැකි ආයතන සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මෙම කමිටුව විසින් අධ්‍යයනය කර වාර්තා කිරීමට නියමිතය. මෙම කමිටුව පත්කිරීමට ඇමැති මණ්‌ඩලයේ ද අනුමැතිය හිමි වී තිබේ." පසුගිය කාලයේ මහින්ද රාපක්ෂ රජය පුන පුනා කීවේ තමන් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය නො කරන බවයි. එබැවින් 'සුවිශේෂී හේතු නිසා ලාභදායී තත්ත්වයට පත්කළ නොහැකි ආයතන සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග' යනු පොතේ හැටියට නම් ඍජු හෝ වක්‍ර පෞද්ගල...

ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?

Image
(2010 මැයි 26,  W3Lanka )  දිවයින පුරා ඇති සියලුම වාරිඇල සහ කෙත් ඇළ මාර්ග සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නඩත්තුව සහ ආරක්‍ෂා කිරීමේ වගකීම වාරිමාර්ග නිලධාරීන්ගෙන් මුදා හැර අදාළ ගොවි සංවිධානවලට පවරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඒ අනුව, තමන්ගේ කුඹුරට වතුර ගලා එන ඇල නඩත්තු කර ගැනීම සඳහා රජය සපයන ආධාර කොන්ත්‍රාත්කරුවන් අතට යන්නට නොදී ගොවීන්ට ම එම කර්තව්‍යය කර ගත හැකි ය. බැලූ බැල්මට මෙය ජනතාවාදී තීරණයකි. එහෙත්, පොදු අයිතියට යටත්ව පැවති, නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගනු ලැබූ ආණ්ඩුවක පාලනයට යටත් රජය විසින් නඩත්තු කරන ලද වැව හා ඇල මාර්ග ආදිය අවිධිමත් ලෙස පත් කර ගන්නා ලද සංවිධාන ව්‍යූහයන් විශේෂයක් වන ගොවි සංවිධානයට භාර දුන් විට මතු වන පළමු පැනය වන්නේ ඒවා නඩත්තු කිරීමට ගොවි සංවිධානවලට ඇති ධාරිතාවන් ප්‍රමාණවත් ද යන්නයි. රජය විසින් ප්‍රමාණවත් පරිදි ආධාර නොසපයන විට ඇල මාර්ග නඩත්තුව සඳහා ගොවීන්ගෙන් මුදලක් අය කිරීමට ගොවි සංවිධාන තීරණය කරන්නට ඉඩ තිබේ. ලාභ ඉපැයීම සඳහා වැවේ වතුර ටික වානිජ කෘෂිකර්මයේ යෙදෙන සමාගමකට හෝ කම්හලකට විකුණන්නට වුව ගොවි සංවිධානය ...