සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ඔන්න ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට මැරෙනකල් විශ්‍රාම වැටුප් ගෙවන්න රු. 200ක් ම දෙනවලු
(2011 අප්‍රේල් 28, W3Lanka ) පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නට ය කියා අරමුදල් පිහිටුවීම පිණිස රජය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිටි පනත් දෙක සේවක විරෝධය නිසා ඉවත් කර ගැනිණි. මහජන මුදලින් ව්‍යාපාර කරන හා ඒවායේ ලාභ විවිධාකාරයෙන් ගරා ගන්නා, පාඩු මහජනතාව පිට ම පටවන ලංකාවේ පාලක පැළැන්තියට ඇත්තෙන් ම උවමනා වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරි කර ඇති විශ්‍රාම පාරිතෝෂික මුදල් හා මාසිකව තපා ගන්නා තවත් මුදල් යොදවා තමන්ට පාලනය කළ හැකි තවත් දැවැන්ත ප්‍රාග්ධන අරමුදල් දෙකක් ගොඩනඟා ගැනීමයි. පෞද්ගලික අංශයේ හා විදේශ ශ්‍රමික සේවකයන්ට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් තහවුරු කර දීමේ හැකියාවක් මෙම විශ්‍රාම වැටුප් යෝජනාවල නැත. රජය ඔය කියන තරම් ම වැඩිහිටියන්ට ආදරය කරන්නේ නම් මුලින් ම කළ හැකි හොඳ ම දෙයක් වන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ යළි ඇගයීමක් කර ජීවත් වීමට නො සරිලන විශ්‍රාම වැටුප් ලබන වයස්ගත දිළින්දන් වෙනුවෙන් යමක් කිරීමයි. නිදසුනක් ලෙස, වයස 70 පසු කළ විශ්‍රාමිකයන්ට ඔවුන් විශ්‍රාම යන විට ලැබූ වැටුපෙන් 100%ක් ම වි...