නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????
පොත් කොළඹ පොත් පොළ අවසන් විය. ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි. දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය. රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට ...