Posts

Showing posts with the label පොත්

නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????

Image
පොත්  කොළඹ පොත් පොළ අවසන් විය. ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි. දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය.  රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට ...

මහින්ද තමයි පොර කාලෙ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'

Image
පසුගිය දිනෙක අපි අන්තර්ජාලයෙන් මිදුණු අවකාශයක නිවාඩුවක් සඳහා ගියා. යද්දී පොතක් ගෙන ගියා.  එක දිගට කියවාගෙන ගිය ඒ පොත කතාවක් තරම් රසවත්. නැතිනම් රස කතා ගොඩක් එකට ඇනූ කතාවක් නොවන පොතක්.  පොත සුන්දර නිහතමානි ද මැල්ගේ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. මේ පොත දොරට වඩින දවසේ උත්සවයට එන්න ආරාධනාවක් ලැබුණත් නොගිය නිසා යම් වරදකාරිත්වයක් පිළිබඳ හැඟීම තමයි මේ පොත කියවන්න පෙළඹවූවේ.  මේ කාලෙ මහින්ද තමයි පොර. ඒත්, අනේක වාරයක් ස්තුතියි මේ පොත ඒ අතින් සුපිරිසුදුයි. ඔනැ නම්, අර මැක්කගෙ කතාවෙ වගේ ඒ කාලෙ මහින්ද රිච්මන්ඩ් හිටියා හරි මොකක් හරි කියලා එතැන ඉඳන් දවසේ වීරයා ගැන කතා කරන්න තිබුණා. ගානක් හොයා ගන්න හෝ තනතුරක් හිඟා ගන්නත් තිබුණා. ඒ වුණාට සුන්දර ඒ වෙනුවට කල් පවතින වීරත්වයක් ගැන කතා කිරීම තෝරාගෙන. ඇත්තෙන්ම ස්තුතියි, හිරිකිතයකින් තොරව ආදරෙන් රාක්කෙ තැන්පත් කරන්න පුළුවන් පොතක් ලියුවාට.  ලංකාවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍යය හෙවත් non-fiction කියන සාහිත්‍ය ප්‍රවර්ගය ගැන සංවාද අඩුයි. කතන්දර නොවන සියලු ‍කෘති  ප්‍රබන්ධ නොවන සාහිත්‍යය නොවෙයි. ප්‍රබන්ධ නොවන සාහිත්‍යය වන්නේ සාහිත්‍යමය ලක්ෂණවල...

අවුරුද්දට තෑග්ගට පොතක්! සයිබර් අවකාශයෙන් බැහැර මහ පොළවේ අත්දැකීමක්

Image
(2011 අප්‍රේල් 10, W3Lanka ) සයිබර් අවකාශයෙන් මහ පොළවට එන්නැයි ඇතැම් පණ්ඩිතයෝ අපට උපදෙස් දුන් හ. තවත් සමහරු අපට අභියෝග කළේ කොළඹින් ගමට එන්නැයි කියා ය. ඒත්, අපි හැමදාමත් ජීවත් වුණේ ගමේ ය. සයිබර් අවකායට පිවිසුණේ ද ගමෙන් ම ය. සයිබර් අවකාශයට වඩා වැඩි කාලයක් අපි මහ පොළවේ කරක් ගැසුවෙමු. මහ පොළව කටුක වුණත්, ෆේස්බුක්, ට්විටර්, බ්ලොගර් හා ජීමේල්වලට වඩා සජීවී ය. ඒ නිසා අපි මහ පොළවට ආදරය කරමු. අපි අලුතෙන් වැඩකට අත ගැසුවෙමු. මහ ලොකු දෙයක් නො ව සංස්කෘතික කේන්ද්‍රයක් ඇරඹීමේ උත්සාහයකි. මතුගම, අගලවත්ත පාරේ, අංක 220 යන ස්ථානයේ අපි සංස්කෘති නමින් මධ්‍යස්ථානයක්, ආයතනයක් වැනි දෙයකට මුල පිරුවෙමු. අලුත් අවුරුද්දට පොතක් තෑගි දෙන්න යන තේමාවෙන් අපි පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නෙමු. ‍අගහස් ප්‍රකාශන ආයතනයේ රංජිත් දිසානායක සහෝදරයා අපට ‍පොත් රැසක් ණයට දුන්නේ ය. අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ප්‍රචාරයයි. මේ පිළිබඳවා පාසල් සිසුන් හා ‍ජනතාව දැනුවත් කරන ලෙස අප ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගෙන් හා සෙසු ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ සුළු පිරිසකි. කොළඹ පත්තරවලින් ද ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා ගැනීම...

එන්න සාහිත්‍යය කන්න; තෝකියෝ පොත් සල්පිලේ සිට කම්මැල්ලවීර නොදන්නා ගුරුවරුන් දක්වා

Image
අජිත් පැරකුම් ජයසිංහ - මීට දස වසරකට ඉහත එක් සරත් ඍතුවක ජපානයේ තෝකියෝහි පැවැත්වුණු ජාත්‍යන්තර පොත් සල්පිල බලන්නට යාමේ අවස්ථාවක් මට ලැබිණි. ජපානය සම්ප‍්‍රදායිකවම සෑහෙන්න පොත් පත් කියවන මිනිසුන්ගෙන් පිරි රටකි. එහි පොත් සල්පිල පැවැත්වුණේ පොත් ප‍්‍රකාශන ආයතන හා පොත්හල් බහුල වීදියකයි. එය පොත් සැණකෙළියක් වූ අතර සෑම තරාතිරමකම ජනයා එහි පැමිණියහ. ඒ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රද්ර්ශනය ආරම්භ වී නොතිබුණු අතර, පොත් එතරම් මහජන ආකර්ශනයක් වී තිබීම මගේ විස්මයට තුඩු දුන්නේය. එහෙත් දැන් අපටද සැප්තැම්බරයේ මහා පොත් සල්පිලක් තිබේ. මුදල් නැති නිසා මම මෙවර පොත් සල්පිල බලන්නට යන්නේ නැත. හමු වන අය "ගියෙ නැද්ද පොත් ප‍්‍රදර්ශනේ බලන්න?’’ යි අසන අසහනකාරී සමය ඉදිරියෙන් තිබේ. මා එදා තෝකියෝවේදී දුටු පොත් සල්පිල කොළඹ පොත් සල්පිල මෙන් එකිනෙකාට වැලමිටින් අනිමින්, පොදි කමින්, දාඩිය පෙරාගෙන, දූවිලි කාගෙන, ලෝක විනාශයට පෙර සියල්ල කියවා අවසන් කරන්නට මෙන් වියරුවෙන් පොත් තෝරන, තදබද තැනක් නොවේ. පොතපත කියවන්නට මෙන්ම ළමයින්ට දුව පැන ඇවිදින්නට, සෙල්ලම් කරන්නට ඉඩකඩ ද එහි තිබිණි.  මගේ සිත් පැහැර ගත් දර්ශනයක් වුණ...