අපි ඉතා පොඩි ය; ඒත්, අපට කවුරුවත් ලොකු නැත
මම ක්‍රිස්තියානි පූජකවරුන් හැඳින්වීමේදී පියතුමා යන පදය යොදා ගනිමි. හින්දු පූජකවරුන් ගැන මා කිසිවක් මෙහි ලියා ඇති බවක් මට මතක නැත. ලියනවා නම් ලියනු ඇත්තේ කුරුක්කල්තුමා යන පදය විය හැකි ය. ඉස්ලාම් පූජකවරුන් හැඳින්වීමේදී යෙදිය යුතු පදය කුමක්ද යන්න අසා දැන ගැනීමට මට ඉතා සමීප මුස්ලිම් මිතුරෙක් ඇත. තවම එවැන්නෙක් ගැන කිසිවක් නො ලියූ නිසා අහන්නට උවමනාවක් වී නැත. බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් නම් හිමි යන පදය නම අගට යොදමි. මම ඉතා පැහැදිලිව ම, විවෘතව ම කිසිදු ආගමක් නො අදහමි. කිසිදු ආගමක පූජකවරයකුට, පූජකවරයකු වීම නිසා මගේ කිසිදු ගෞරවයක් නැත. අනෙක් මිනිසුන්ට මහත්තයා, නෝනා කියනවා සේ හාමුදුරුවනේ, පියතුමනි වැනි පද භාවිතා කරමි. මා ගරු කරන්නේ මිනිස්කම්වලට, දක්ෂකම්වලට, අවංකකමට, අව්‍යාජකමට ආදියට පමණි. මේ බ්ලොගයේ සටහන්වලදී සාමාන්‍යයෙන් අපි කිසිවකුගේ නම අගට මහතා යන පදය නො යොදමු. එසේ වුවත්, මේ බ්ලොගයේ නම් සඳහන් කරන ලද ඇතැම් අය හොඳ මහත්මා ගතිගුණ ඇති අය බව මම දනිමි. ජනාධිපතිතුමා/වරයා, ඇමතිතුමා/වරයා, මන්ත්‍රීතුමා/වරයා, විනිසුරුතුමා/වරයා ආදිය මට නම් රස්සාවල් පමණි. ඒ රස්සාවල් කරන අය තමන් විශ්‍රාම යන බව ...