Posts

Showing posts with the label පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

අවිධිමත් ඉදිකිරීමක් සඳහා පොළව කනිද්දී ශ්‍රී මහා බෝධිය අසලින් සුවිශේෂ සඳකඩපහනක් මතු වේ

Image
(2009 නොවැම්බර් 13 - W3Lanka ) අනුරාධපුර ‍‍ඓතිහාසික ශ්‍රී මහා බෝධිය අසල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අක්‍රමවත් ලෙස පොළව කණිමින් සිටියදී පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික අතින් සුවිශේෂ වූ සඳකඩපහනක් හමු වී තිබේ. මෙම සඳකඩපහන මතු කර ගැනීම සඳහා විද්‍යාත්මක කැනීමක් කරන තෙක් එය යළි පසින් වසා දැමීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වේ.  ඉතාමත් අලංකාර කලා නිර්මානයක් ද වන මෙම සුවිශේෂ සඳකඩපහන කුමන යුගයකට අයත්දැයි තව ම හඳුනාගෙන නැත.