Posts

Showing posts with the label පී. බී. ජයසුන්දර

පශ්චාත් සරත් නන්ද සිල්වා යුගය: පී. බී. ජයසුන්දර රජයේ තනතුරු භාර නොගන්නා බවට කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යයි

Image
(2009 ජුලි 10) හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා විශ්‍රාම ගොස් මසක් ගත වනවාත් සමගම බොහෝ පුද්ගලයෝ ඔහු විසින් දෙන ලද නඩු තීන්දු සංශෝධනය කරගැනීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹෙමින් සිටිති.  අලුත්ම සිද්ධියේදී රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට පොරොන්දු වෙමින් තමන් ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශය බලරහිත කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඉදිරිපත් කළ මෝසම ජූලි මස 14 වැනි අඟහරුවාදා අගවිනිසුරු අශෝක ද සිල්වා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කැර ඇත.  මැරයින් සර්විසස් නඩු තීන්දුවෙන් අනතුරුව දුන් අධිකරණ නියෝගයක් මත රජයේ තනතුරු භාරනොගන්නා බවට පී. බී. ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙමින් දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කළේය.  මුදල් අමාත්‍යංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් ධූර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම පිළිගැනීමට බාධාවක් වන බැවින් එම දිවුරුම් ප‍්‍රකාශය ඉවත් කරන ලෙස ඉල්ලා ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය 2008 ජුලි 21දා තීන්දු කළේ ලංකා මැරයින් සර්විසස් සමාගම...