Posts

Showing posts with the label පියසිරි විජේනායක

සංස්කෘතිය වෙනුවෙන් එක්‌කෝටි හැටහත්ලක්‍ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්

Image
(2009 සැප්තැම්බර් 12 - W3Lanka) ලංකාවේ සංස්කෘතිය වෙනුවෙන් රජය ඊයේ  අතිශය වැදගත් පියවරක් ගත්තේය. ඒ පියවරත් සමග ලංකාවේ සංස්කෘතිය තීරණාත්මක ලෙස හොඳ වේ යයි අපේක්ෂා කළ හැකිය. සත්තකින්ම, එය රජය මෙතෙක් සංස්කෘතියට කරන ලද විශිෂ්ඨම සේවය වන්නටද පුළුවන. ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් කන්දරාව වැඩි යයි ඇතැම් එන්ජීඕකාර ඩොලර් කාක්කන් කෑ ගසන්නට පුළුවන. එහෙත් මෙවැනි මාහැඟි කාර්යයක් නොකර ලංකාවේ සංස්කෘතියට සේවය කරන්නට පුළුවන්ද? මෙම කාර්යය විශේෂයෙන්ම මේ සාහිත්‍ය මාසයේදීම කිරීම රජය සංස්කෘතිය කෙරෙහි තිබෙන සංවේදීභාවයේ තරම ප්‍රකාශ කරයි.  එම කාර්යය වන්නේ සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ කැබිනට්‌ නොවන ඇමැති පියසිරි විඡේනායක මහතා සඳහා අවශ්‍ය වාහන, කාර්යාල උපකරණ මිලට ගැනීම සහ වාහන අලුත්වැඩියාව සඳහා රුපියල් එක්‌කෝටි හැටහත්ලක්‍ෂයක (1,67,00000) මුදලක්‌ ලබා ගැනීමට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඊයේ (11 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

විප්ලවීය ජාතික සාහිත්‍ය උළෙලක් මේ දිනවල පොළොන්නරුවේ

(2009 සැප්තැම්බර් 06 - හාන්සිපුටු විප්ලවවාදීන්ගේ ව්‍යාපාරයේ නිවේදනයකි.) සංස්කෘතිය හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති දෙකට්ටුව වන ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායකගේ හා මහින්ද යාපා අබේවර්ධනගේ මුලිකත්වයෙන් මේ දිනවල විප්ලවීය ජාතික සංස්කෘතික උළෙලක් ‍ඓතිහාසික පුලතිසි පුරවරයේ පැවැත්වෙමින් ඇති බව පොළොන්නරුවෙන් ලැබෙන වාර්තා පවසයි..................... (හිනාමනා බලන්න.)

සංස්කෘතික ඇමතිගේ වාහනයට මාසයක වියදම පුරාවස්තු මුරකරුවකුට දෙවසරක් පඩි ගෙවන්න ඇති

Image
(2009 අගෝස්තු 21 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක භාවිත කරන මිට්‌ෂුබිෂී මොන්ටෙරෝ රථය වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් 210,440 ක්‌ ගෙවා මාසිකව රුපියල් 180,290 ක ඩීසල් ද ගසන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.  පසුගියදා නිදන් හොරුන් විසින් පුපුරවන ලද මිහින්තලේ මිහිඳු ගුහාවේ මහින්ද මහරහතන් වහන්සේ සැතපුණේ යයි විශ්වාස කෙරෙන ශෛලමය යහන මුර කිරිම සඳහා රු. 15,000 බැගින් පඩි ගෙවා මුරකරුවකු දෙවසරක් යෙදවීමට මේ මුදල සෑහේ. එහෙත්, රටේ සංස්කෘතිය රැක ගැනීම සඳහා අලුත පත් කරනු ලැබූ මේ ඇමතිට තවම මාසයකට වඩා ඇවිදින්න ලැබුණේ නැත. හොඳින් ඇවිද සංස්කෘතියට කෙළ වී ඇති ආකාරය සොයා බලන්නේ නැතිව සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි ඇමතිට පක්ෂව තර්ක කරන මහජනතාව අසති.  

සංස්කෘතික පොලිසියට එරෙහිව මාධ්‍ය (ඇමතිගේ) නිදහස හෙවත් පියාට එරෙහිව ප්‍රියා

Image
(අගෝස්තු 15, 2009 - W3Lanka) ඇල් වතුරත් නිවා බීමට පරිස්සම් වන තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම තනතුරින් දොට්ට දැමීම සඳහා ව්‍යාපාරයක් නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ තීරණ දැනුම් දීමට අමතරව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් නොකළ පෞද්ගලික මත දැක්‌වීම තුළින් කැබිනට්‌ ප්‍රකාශකගේ වගකීම පැහැර හැර ඇති බව ද, එමගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාටත්. සංස්‌කෘතික කටයුතු අමාත්‍යවරයා වන තමා හටත් කළ නියමයන් හෑල්ලුවට ලක්‌කර ඇති බව ද සංස්කෘතික ඇමති පියසිරි විජේනායක පවසයි. මේ අනුව හැඟෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තවදුරටත් කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව යැයි ඔහු වැඩිදුරටත් කියයි. තමාගේ විෂය පථයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට තමා කිසිදු අමාත්‍යවරයකුට ඉඩ නොදෙන බවත්. රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්, රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන...