නුවර පෙරහරේ පහතරට නැටුම් නොනැටීම හා අගමැතිගේ විරෝධය
(2009 අගෝස්තු 16 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක පාලකයකුට වඩා කතිකයකු ලෙස සැලකීම බලතල රහිත අගමැති තනතුරට හා එකී තනතුර දරණ වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වික්‍රමනායක මහතාට කරන සාධාරණයකැයි සිතමු. කතිකයකු ලෙස එතුමා කරන කාර්යයේ හුවා දැක්විය හැකි වැදගත් අදහසක් මේ දිනවල එතුමා සිය ගම් ප්‍රදේශය වන හොරණදීත්, කලුතරදීත් කලාකරුවන් සම්බන්ධ උත්සව දෙකකදී ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි. පහතරට කලාකරුවන් උළෙලවලදී ගැටබෙරය වාදනය කරනමුත්, නුවර පෙරහැරේදී පහතරට යක් බෙරය වාදනය නොවන බව ද, පහතරට කලාංග එයට එක් කරගෙන නැති බව ද, ජාතික උත්සවයකදී එවැනි භේද තිබිය නොහැකි බව ඔහු පැවසීය. අගමැති වික්‍රමනායක විසින් මේ ස්පර්ශ කර තිබෙන්නේ හුදෙක්ම කලාවට පමණක් සීමා වූ කාරණයක් නොවේ. උඩරට-පහතරට භේදය ද කුලභේදය හා ජාතිවාදය සේ ම සමාජ යටිතලයේ තවමත් සක්‍රියව පවතී. පහතරැටියකු වන වික්‍රමනායක මේ පහර දෙන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් සංස්කෘතියේ උඩරට ආධිපත්‍යවාදයටයි. "ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න" මැයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්...