Posts

Showing posts with the label පරිපාලන සේවය

අධ්‍යාපන වෘත්තිකයන්ගේ තත්වය වෙනුවෙන් වූ ගුරු, විදුහල්පති, පරිපාලක අයෝමය සමගිය

Image
ඉතිහාසයේ කිසි දිනෙක නො වූ ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති අයෝමය සමගියකින් ඒකරාශි වී තිබේ.  තද රතු, ළා රතු, නිල්, කොළ ආදී විවිධ පාට වෘත්තීය සමිති 15ක් මෙසේ එකතු වී තිබෙන්නේ අසීමිත දුක් කන්දරාවකින් පීඩා විඳින බහුතරයක් ගුරුවරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කිරීමට ද? නැතිනම් අධ්‍යාපනයේ බිඳ වැටීම නිසා පීඩාවට පත් වී සිටින අනාගත පරපුර වෙනුවෙන් සටන් කිරීමට ද? නැත, නැත, නැත. ප්‍රශ්නය ඊට වඩා බරපතල එකකි. කලාප කාර්යාලවල හා පළාත් කාර්යාලවල පාලනය භාර අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් යොදවන්නට රජය තීරණය කර ඇති නිසා ය. විස්තර මෙතැනින් දැනට මේ තනතුරුවල ඉන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු ය. ඔවුන් අධ්‍යාපන පරිපාලන සේවයට ආ හැටි ද එක එක ආකාරයේ ය. සමහරු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීම් ලබා ගත්හ. තවත් සමහරු දේශපාලන හිතවත්කම් මත වැඩ බලා පත්වීම් ලබා ගත් අයයි. තවත් අටසියයක් පමණ ගුරු පිරිසක් මේ අන්දමින් අධ්‍යාපන පරිපාලන සේවයට උසස් වීම සඳහා වැඩ බලමින් සිටිති. අධ්‍ය...