නගෝ නගෝ! මේ සුන්දර ගීය ඔබටයි
අන්තර්ජාලය හරහා ලොව පුරා ජනප්‍රිය වූ මෙම වීඩියෝවට ලංකාවේ බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ සමග වැඩි දෙනෙක් කීවේ මේ ගීතයේ කියා ගන්න බැරි අමුතු සුන්දරත්වයක් තිබෙන බවයි. මම හිතන්නේ ඒ සුන්දරත්වය නිර්මානය වන්නේ ගායිකාවගේ රූ සපුව, ඇගේ ඉදිරිපත් කිරීම, සංදර්ශනයේ පසුබිම, මල් පිරිනැමීම, වළාකුළු පිරි අහස ආදී සියල්ල එකතු වීමෙන්. එමගින් මැවෙන සුන්දරත්වය තුළ කිසියම් ගුප්ත, දුක්මුසු බවක් ගැබ් වී තිබෙනවා. මේ ගීය ගයන්නේ තජිකිස්තාන් ජාතික ජනප්‍රිය ගායිකා නොසියා කරමටුල්ලෝයි (Noziyai Karamatullo). මේ ගීයේ තිබෙන භාෂාව තජික් භාෂාවයි. ගීයේ තේරුම සොයා ගන්න අප දැරූ උත්සාහය සාර්ථක වුණේ නැහැ. නොසියා කරමටුල්ලෝගේ පියා කරමටුල්ලෝ කුර්බොනුව් ද තජිකිස්තානයේ සිටි ජනප්‍රිය ගායකයෙක් හා සංගීතඥයෙක්. 1992 ඔක්තෝබර් 17සා ඔහුගේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් ගණනාවක් සමග ඔහුව ද ඝාතනය කරනු ලැබුවා. එය සිදු වුණේ සෝවියටි සංගමයෙන් නිදහස ලැබූ තජිකිස්තානයේ 1992 සිට 1997 දක්ව පැවති සිවිල් යුද්ධය අතරතුරයි මේ ඝාතනය සිදු වුණේ. මේ ඔහු ගැයූ ගීයක්. තජිකිස්තානය කියන්නේ මධ්‍යම ආසියවේ පිහිටි උතුරින් කිර්ගිස්තානයටත්, නැගෙනහිරින් චීනයටත්, දකුණින්...