පැරා කොළඹ පැමිණීම
අද මට කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වී තිබේ. මම දක්ෂ කථිකයෙක් නම් නො වෙමි. මස්ඉඹුලගේ සෙංකොට්ටං පොත ගැන ජනරළෙන් කරපු සම්මන්ත්‍රණයේදී මං කරප කතාවෙන් පසු අපේ රසිකාවක් කිව්වේ ලියන ඒවා තරම් කතා රස නැහැ කියලායි. ඒක නරක නැහැ. ඉස්සර දවසක මහින්ද චන්ද්‍රසේකර (පැන මඩ කඩිති ලියපු) නැති වීම නිසා ඔහුගේ ටැමුපරිය අදින්න කටුනේරියේ බාලිකා පාසලක ජයතිලක බණ්ඩාරත් එක්ක ගී රසවින්දනයක් කළා. ළමයි එහෙම හරි සතුටින් අහගෙන සිටියා ය කියා සිතපු නිසා මාත් උජාරුවෙන් පහළට බැස්සා. මහින්ද චන්ද්‍රසේකරගෙ ගී රසවින්දන බලලා තිබුණු සහෝදරයෙක් ඇවිත් මට මූණට ම කිව්වා දේශනය ගන්න දෙයක් නැහැ කියලා. අපට ඉතින් කවුරු දේශනවලට ආරාධනා කරන්න ද? මං ඉතින් මගේ රස්සාව වන ඉංග්‍රීසි ඉගැන්නිල්ලෙදි උත්සාහ කරනවා ළමයි නිදි නො කර තබා ගන්න. ඒ කොයි හැටි වෙතත්, ඔන්න නැවතත් මට කොළඹ රටේ ඇවිත් දේශනයක් පවත්වන්න ආරාධනාවක් ලැබිලා. ඒ නිසා අද හවස මං එනවා බ්ලොගිං ගැන කතා කරන්න කොළඹට. ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්. කරුණාරත්න පරණවිතානත්, නාලක ගුණවර්ධනත් කතා පව...