Posts

Showing posts with the label න්‍යාය

මේ ඝන අන්ධකාරයෙන් මිදෙන මං සිතමු

Image
ඊයේ මාර්තු 15 දින ලෝක පාරිභෝගික හිමිකම් දිනයයි. 2012 / 13 ගෘහ ඒකක ආදායම්  වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ ජනතාවගෙන් 90.2%ක් ම විදුලි පාරිභෝගිකයෝ ය. එහෙත්, මෙම සටහන තබන මොහොත වන විට ඔවුන්ගේ පාරිභෝගික හිමිකම් අභියෝගයට ලක් වී තිබේ. එයට ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබඳව සංවාදයක් ඇත. හැම දෙයකට ම ආණ්ඩුවට බැනීම ජනප්‍රිය දෙයකි. අප නම් සිතන්නේ මෙයට වැඩිපුර වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය හා එහි ඉංජිනේරුවන් බවයි. විදුලිය විසන්ධි වුණ ලෝකයක මිහිර හෝ අමිහිර විඳ ගනිමින් සිටින මේ සමය විදුලියට ප්ලග් වුණ ජීවිත ගැන සාකච්ඡා කරන්නට සුදුසු මොහොතකි. මේ වන විට මුළු ලෝකය ම සිටින්නේ දැඩි අර්බුදයක ය. සිරියාව, යේමනය ඇතුළු අරාබි අර්ධද්වීපයේ හා නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ හා තුර්කියේ දරුණු අර්බුද එම රටවල ජනයාට පමණක් නොව මුළු ලෝකයටමත් බරකි.  චීන ආර්ථිකයේ මෑත ඉතිහාසයේ පැවති විස්මිත වර්ධනය මේ වන විට දකින්නට ලැබෙන්නේ නැත. චීනයේ වසර 25ක ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධනය වාර්තා වූයේ 2015 වර්ෂයේයි. මැද පෙරදිග සිට යුරෝපයේ විශේෂයෙන් ම ජර්මනිය වැනි රටවලට සිදු වන දැවැන්ත සරණාගත සංක්‍රමණය විසින් කලාපය...