Posts

Showing posts with the label නගර සභා

ජාතික හෙළ උරුමය බෞද්ධ භික්ෂු සංඝයේ කරන රැඩිකල් විප්ලවය

Image
(2011 අගෝස්තු 02   W3Lanka )  ශ්‍රී ලංකා ඉතිහාසයේ හෝ ඇතැම් විට ලෝක ඉතිහාසයේ ම නගරාධිපති ධුරයට පත් වූ පළමු භික්ෂූන් වහන්සේ ලෙස වාර්තා තැබූ බවට උදම් අනමින් වේවැල්දුවේ ඥානප්‍රභ හිමි  හෙට උදේ 11.22 යෙදෙන සුබ මොහොතින් ඇඹිලිපිටිය නගර සභාවේදී වැඩ භාර ගනිති. ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇඹිලිපිටිය නගර සභාවට තරඟ කළ මේ හාමුදුරුවෝ මනාප ඡන්ද 5895 ක් ලබා ගත්කේ ය. ඒ හාමුදුරුවන් මේ තනතුර ලබා ගත්තේ මාරාන්තික උපවාස කරන බවට ආණ්ඩුවට තර්ජනය කරලා ය. නගරාධිපතිවර්න්ට මස් කඩවලට බලපත්‍ර දෙන්නට වන නිසා එම තනතුර හාමුචුරුවන්ට සුදුසු නැති බවට වැරදි කතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත කලින් කීවේ ය.  ලංකාවේ බොහෝ මස් කඩ තිබිණි. ඒවා බොහොමයක් පවත්වාගෙන ගියේ අධිපති හාමුදුරුවන්ගේ ද නිහඬ අන්මැතිය යටතේ ය. 1989 වකවානුවේ පැවති මස් කඩවල කොක්කේ හාමුදුරුවරු ද එල්ලන ලදී. මේ වන විට හාමුදුරුවරු ලංකාවේ පාර්ලිමේන්තුව, පළාත් සභාල, පළාත් පාලන ආයතනල ආදී දේශපාලන ආයතන හැම එකක ම ප්‍රධාන චරිත වී ඇත. තවම හාමුදුරුවරයකු ඇමති පදවියක් නම් දරා නැත. ඊළඟ කැබි...

පළාත් පාලනය ජනතාවගෙන් ඈත් කරන අලුත් ඇප මුදල්

Image
( 2010 ඔක්තෝබර් 23,  W3Lanka )  පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයෙක්‌ රුපියල් පන් දහසක්‌ද, ස්‌වාධීන කණ්‌ඩායමක අපේක්‍ෂකයෙක්‌ රුපියල් විසිදහසක්‌ද ඇප තැබිය යුතු බව ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සඳහන් වේ. මෙතෙක් පැවති ක්‍රමයට අනුව දේශපාලන පක්‍ෂ ඇප මුදල් තැන්පත් කිරීමක්‌ අවශ්‍ය නො වීය. ස්‌වාධීන කණ්‌ඩායමක අපේක්‍ෂකයෙක්‌ රුපියල් දෙසිය පනහක තැන්පත් කළ යුතු විය. පළාත් පාලන දේශපාලනයේදී නව ඇප මුදල් සුළු ගණන් නො වේ. එහෙයින් විශාල අරමුදලක් නැති කුඩා පක්ෂවලට හා ස්වාධීන දේශපාලකයන්ට මෙය බලපානු ඇත. පළාත් පාලන ඡන්දයේදී කණ්ඩායම් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත්තේ ධනවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට පමණි.  රට පුරා අපේක්ෂකයන් ඉදිරිපත් කරන කුඩා දේශපාලන පක්ෂවලට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා රු. කෝටි ගණනක් අවශ්‍ය වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට මෙම තත්වය බලපානු ඇත. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කොට්‌ඨාස ක්‍රමය යටතේ සහ අනුපාත ක්‍රමය යටතේ පැවැත්වීම සඳහාද මෙම ප...