Posts

Showing posts with the label දොයි අම්මා

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය

Image
ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි. ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය. විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ. එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය. ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි. අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්...