Posts

Showing posts with the label දේවදාසි

දේවදාසියෝ නිත්‍ය සුමංගලියෝද? කාගෙත් සුන්දරියෝද?

Image
අජිත් පැරකුම් ජයසිංහ - ජමදාග්නි නම් මුනිවරයකු සමග විවාපත්ව දරුවන් පස්දෙනෙකුට මව වූ රේණුකා බ්‍රාහ්මණ ස්ත්‍රියකි. මුනිවරයාට දිය ගෙන ඒමට මලප්‍රභා නම් ගඟ වෙත යන ඇය දිනක් එහි ජල ක්‍රීඩාවේ යෙදී සිටි තරුණ පිරිසක් දෙස බලා සිටි‍ හෙයින් පමා වූවාය. ඇගේ පතිව්‍රතය සැක කළ ජමදාග්නි ඇගේ හිස සිඳින්නැයි වරකට එකකුට බැගින් පුතුන් සිව්දෙනෙකුට කීවේය. ඔවුහු විවිධ හේතු දක්වමින් මග හැර ගියහ. කුපිත වූ මුනිවරයා ඔවුන් සැම නපුංසකයන් බවට පත් කළේය. පස්වන පුතු පරශුරාම් මවගේ ගෙල සින්දේය. එහෙත්, සැවොම මවිතයට පත් කරමින් රේණුකාගේ සිරස හිස් සිය ගණනක් බවට පත් වී විවිධ දිශාවලට ගමන් ගත්හ. යෙල්ලම්මා නමින් දේවත්වයට පත් ඇය අදහන විශාල හින්දූන් පිරිසක් අදත් භාරතයේ වෙසෙති. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පහළම කුලවල හෙවත් දලිත් ජනයා වෙති. යෙල්ලම්මා අදහන්නෝ ගැහැනුන් දෙවියන්ට විවාහ කර ‍දෙන්නෝ ය. එසේ විවාහ කර දෙන ගැහැනු දේවාලයට සේවය කළ යුතු අතර, වසරකට දෙවරක් යෙල්ලම්මාපුර දේවාලයේ පැවැත්වෙන පූජාවනට සහභාගි විය යුතුය. මෙම උත්සවයට දේවදාසියන් සහභාගි විය යුත්තේ නිරුවතින් හෝ කොහොඹ කොළවලින් වසා ගත් සිරුරිනි. ඒ නිසාම මෙම උත්සව බැලීමට විශාල පිරිසක් රැස්ව...