ආණ්ඩුවේ අලුත් ම මංකොල්ලය දුරකථන අවම ඇමතුම් ගාස්තුව රු. 2 කිරීම
(2010 ජුලි 15, W3Lanka ) ඊයේ සිට නිකුත් කෙරෙන සියලුම දුරකථන සම්බන්ධතා සදහා රු. 2ක අවම ඇමතුම් ගාස්තුවක් හදුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට මහතා පවසයි. ලංකාවේ තිබෙන්නේ අපූරු ආණ්ඩුවකි. වෙළඳපොළේ සමාගම් තරගකාරී ලෙස මිළ අඩු කරන්නට සූදානමින් සිටිද්දී ජනතාව නියෝජනය කරන බව කියන ආණ්ඩුව ඉදිරියට පැන මිළ වැඩි කරයි. ඇයි ඒ? රහස දුරකථන බිලෙන් බලන්න. සෑම රු. 2කට ම ආණ්ඩුව ශත 62ක් ඔබෙන් කෙළින් ම බදු වශයෙන් අය කර ගනියි. අවම ගාස්තුව රුපියල වුණොත් ආණ්ඩුව කෙළින් ම අය කරන බද්ද ශත 31ක් පමණි. කොහොමද අවම මිළ? You may also like to read our English blog Lanka Polity