Posts

Showing posts with the label දිවුරුම් දීම

මෙන්න බොලේ මහින්දත් කොළඹට කිරි - ගමට කැකිරි

Image
( 2010 නොවැම්බර් 12,  W3Lanka )   කොළඹට කිරි ය හම්බන්තොටට කැකිරි ය. මක් නිසා දයත් ‍ජනාධිපති උතුමාණන් දෙවන වර දිවුරුම් දීම හෙවත් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 19දා කොළඹ 1,2,3,4 ප්‍රදේශවලට නිවාඩු ය. හම්බන්තොට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල අය වැඩ කළ යුතු ය. මෙච්චර හරියක් කොරලාත් ඒ අයට සතුටු වීමට අයිතියක් නැද්ද? ලංකාව ලෝක කුසලානය දිනූ දවසට පහුවෙනිදා පවා ලංකාවට ම නිවාඩු ලැබිණි. මෙච්චර හරියක් වෙලාත් නොවැම්බර් 19දා රටට ම නිවාඩු නැත. කම්කරු සබඳතා හා ඵලදායිතා අමාත්‍යංශය නිවාඩු ඉල්ලා ඇත්තේ ද කොළඹ 1,2,3,4 ප්‍රදේශවල පෞද්ගලික අංශයට පමණි. මුළු රටට ම නිවාඩු දීමේ ඵලදායිතාව ගැන මේ අමාත්‍යංශයටවත් තේරී නැත.  Bookmark, remember easily and come again   www.w3lanka.com