පෙට්රල්වලින් ඡන්ද ගුංඩුවක්
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) පෙට්රල්වලින් 100%කට ආසන්න බදු අය කරමින් කාලාන්තරයක් තිස්සේ ජනතාව නිර්දය අන්දමින් ගසා කෑ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා ගැනීම සඳහා ගුංඩුවක් ලෙස පෙට්රල් මිළ රු. 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත. මෙම පහත හෙළීම ප්රතිශතයක් ලෙස 11.5%කි. එහෙත්, තවමත් රජය පෙට්රල්වලින් අධික ලෙස බදු අය කරමින් සිටියි. ආණ්ඩුවට අවශ්ය නම් ලෙහෙසියෙන් ම තවත් රු. 15කින් පෙට්රල් මිළ අඩු කළ හැකි ය. එපමණක් නොව ඩීසල් හා භූමිතෙල් මිළ ද පහත හෙළිය හැකි ය.