ගාලු කොටුවේ ආදරය තහනම් | Love banned in Galle Fort
( 2010 ඔක්තෝබර් 10, W3Lanka ) පහත පළ වන්නේ ඊයේ Sunday Times වෙබ් අඩවියේ Out of bounds for love birds මැයෙන් පළ වූ පුවතකි. The Police this morning rounded up 30 couples inside the Galle Fort and hand over them to nearest Army Camp . Later they were warned and released. In future, the Galle Fort is out of bound for couples . This raid was conducted on request of the Galle Heritage Foundation. යටින් ඉරි ඇඳ ඇති පදයේ ව්‍යාකරණ දෝෂය නො තකා හැර රතු පැහැයෙන් දක්වා ඇති කොටස් සැලකිල්ලට ගන්න. මෙහි couples යයි කියන්නට ඇත්තේ අවිවාහක ආදරවන්තයන්ට වන්නට ඇත. ආදරවන්තයන් පෙම් කරන්නට ගාලු කොටුවට යාම විජයානන්ද දහනායකටත් කලින් කාලේ පටන් තිබුණු දෙයකි. ඒ නිසා එය ද ගාලු කොටුවේ උරුමයක් හෙවත් heritage එකකි. අනෙක ආදරය කිරීම එය හොඳ නැතැයි කියන උම්මත්තකයන් අතළොස්සකගේ හැර සියලු මිනිසුන්ගේ උරුමයකි. එසේ ම ලිංගික සංසර්ගය ඉතා හොඳ දෙයකි. ජීවිතයේ සතුට හා පැවැත්මේ පදනම ඇත්තේ එහි ය. කිසියම් කෙනෙක් ගාලු කොටු බැම්මේ ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදේ නම් එය පිළිගත් සදාරචාරයන්ට අනුව...