Posts

Showing posts with the label තහනම් කළ යුතුද? දෙමළ ඊලාම් විමුක්ති කොටි

බොදු බල සේනාව තහනම් කළ යුතු ද? / Should Bodu Bala Sena Be Banned?

Image
Politically බොදු බල සේනාව තහනම් කරන්නැයි ඉල්ලා පෙත්සමක් අත්සන් කරමින් තිබේ. මම නම් එයට අත්සන් කරන්නේ නැත. බොදු බල සේනාව තහනම් කරනවාට මම නම් විරුද්ධ ය.  බොදු බල සේනාව බිහි වන්නේ කුමන සංදර්භයක් තුළ ද යන්න අප විසින් තේරුම් ගත යුතුව තිබේ.  කොටි සංවිධානය බිහි වන්නේ සිංහලයන්ගේ රාජ්‍ය ජාතිවාදයට ප්‍රතිචාරාත්මක ව්‍යාපාරයක් ලෙසයි. ඒ කියන්නේ සිංහලයන් සිය රාජ්‍ය බලය භාවිතා කරමින් දිගින් දිගට ම දෙමළ ජනයාට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාරාත්මකවයි. කොටි සංවිධානය වේගයෙන් වර්ධනය වන්නට පටන් ගත්තේ 1983න් පසු ය.  කොටි සංවිධානය අතිශය ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් වූ අතර එය හමුවේ රාජ්‍යය යම් තරමකට අසරණ විය. එයට තව දුරටත් සිංහල ජාතිවාදී රාජ්‍යයක් ලෙස පැවතීම අසීරු විය. රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී වන්නට බල කොරිණි. එහෙත්, කොටි සංවිධානය එසේ ප්‍රජාතන්ත්‍රවාදී වීමට සූදානම් වූ‍යේ නැත. නිදසුනක් ලෙස අපි 2002 සිට පැවති සටන් විරාම සමය ගනිමු. රජය නිල වශයෙන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටියත්, කොටි සංවිධානය එසේ කළේ නැත. කොටි ආරක්ෂක බුද්ධි අංශය හා ඩග්ලස් ‍දේවානන්ද, කේතීෂ්වරන් ලෝගනාදන්, ලක්ෂ්මන් කදිරගාමර්...