මැදමුලනේ විසූ, තණමල්විල බිස්නස් කළ, නෙළුවේ ප්‍රියන්තගේ සාමාන්‍ය මරණය හෙවත් රටේ නිතියේ කතාව
(2011 ජුලි 06, W3Lanka ) ගරුසිංහගේ ප්‍රියන්ත හෙවත් නෙළුවේ ප්‍රියන්ත යන නම අප මුල් වරට ඇසුවේ විශේෂ කාර්ය බලකාය විසින් ඔහු මරා දමන ලද බව වාර්තා වීමත් සමගයි. ඔහු මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාතම භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු බව ද, මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනීමැරුම් ගණන 85 ක් වන බව ද, ප්‍රශ්න කිරීම්වලදී මිනීමැරුම් 25 ක තොරතුරු පාපොච්චාරණය කර ඇති බව ද අපට පවසන්නේ දිවයින පුවත්‍පතේ පොලිස් වාර්තා ලියන හේමන්ත රන්දුණු ය. නෙළුවේ ප්‍රියන්ත පාපොච්චාරණ කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායටයි. අප දන්නා පරිදි නම්, පාපොච්චාරණයක් නීත්‍යානුකූල වන්නේ සැකකරු ස්ව කැමැත්තෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු හමුවේ එය සිදු කළොත් පමණි. ඕනෑ ම අන්දමකින් ලබා ගන්නා කට උත්තරයක් පාපොච්චාරණයක් වන්නේ නැත. 1989 වර්ෂයේ සිට පාතාල කණ්‌ඩායම්වලට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරත වී ඇති බව කියන නෙළුවේ ප්‍රියන්ත සතු සුවිසල් නිවාස දෙකක් වැල්ලවාය නෙළුවආර සහ බෙලිඅත්ත මැදමුලන ප්‍රදේශවල පිහිටි බව ද දිවයින වාර්තා තරයි. මේ මැදමුලන ජනාධිපතිවරයාගේ මහගෙදර පිහිටි මැදමුලන හෝ ඒ ආසන්න ප්‍රදේශයක මැද...