Posts

Showing posts with the label තංගල්ල

පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?

Image
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය. බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය. ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය. දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ.  ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ.  පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී. මේ ල...

රටක ආර්ථිකයට කෙළවූ තංගල්ලේ චන්ද්‍රපුශ්ප බැලයා

Image
ෆිච් රේටිං ආයතනය ලංකාවේ ආර්ථිකය ලෝකයේ අනතුරුදායක ම ආර්ථිකයන් අතරින් එකක් ලෙස නම් කර තිබේ.  රටේ ආනයන වියදම අපනයන ආසායම මෙන් දෙගුණයකි. ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවූ බවට ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රකාශයට පත් කළ මුත්, ඒ හා සමාන මුදලක් ආණ්ඩුව රුපියල කෘත්‍රිමව ඉහළ මට්ටමක තබා ගැනීමට ද වැය කර ඇති බව වාර්තා වේ.  රටේ අපනයන බිඳ වැටී ඇත. ආර්ථිකය රැඳී පවතින්නේ බොහෝ දුරට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් මත ය. ඍජු විදේශ ආයෝජනවලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් සංචාරක කර්මාන්තය සඳහා ය.  මේ වසරේදී ලංකාවට සංචාරකයන් 850,000ක් පැමිණි අතර, සංචාරකයන් පැමිණීම වැඩි කර ගැනීමට රජය පියවර රැසක් ගනිමින් තිබේ.  එහෙත්, මහින්ද රාජපක්ෂ පවුලේ බැලයකු වීම නිසා තංගල්ල ප්‍රාදේශීය සභාව පාලනය කරන්නට පත් කර ඇති එක් වගකීම් විරහිත, පල් ම පල් මෝඩයකු වූ පාරම්පරික මැරවරයකු නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට තදබල පහරක් වැදී ඇත.  මේ දේශද්‍රෝහියා ජාත්‍යන්තර වශයෙන් රටට කර ඇති අවමානය හා ආර්ථිකයට කර ඇති හානිය පිළිසකර කිරීම ලෙහෙසි පහසු නැත. ඒ‍ වෙනුවෙන් මහජන මුදල් රුප...