බල්ලන් මරා හෝ සල්ලි හොයන ධනවාදය හා පිළිකා සුව කරන දළුවත්ත
( 2011 ජනවාරි 07, W3Lanka ) විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරිම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් වූ බව ඔහුගේ දැන්වීම් පළ කර මුදල් ඉපැයූ ලංකාදීප ඇතුළු පුවත්පත් වාර්තා කළ හ. අත්අඩංගුවට ගත් බව නම් වාර්තා වූයේ නැත. ධනවාදයේ මූලික ලක්ෂණය ලාභයයි. බල්ලන් මරා හෝ සල්ලි හෙවීම ධනවාදයේ පරිවාරයේ හැටි ය. ඩී.එන්.ඩී. සත් සේවය හිමි ඩී.එන්. දළුවත්ත මෙන් ම විජය පුවත්පත් සමාගම හිමි රංජිත් විජේවර්ධන ද සල්ලි හොයන්නේ එක ම ක්‍රමයට ය. ලංකාදීපය දළුවත්තගේ දැන්වීම් විකුණයි. ඉන් පසු ඔහු අත්අඩංගුවට ගත් සිද්ධිය ද විකුණයි. පිළිකාව සුව කළ හැකි යන්ත්‍රයක් ද විකුණන බව කියූ මෙම තැනැත්තා එක්තරා ඇමතිවරයකු ඔහුට මොකක්දෝ රාජ්‍ය සම්මානයක් දෙන පිංතූරයක් ද සිය ...