Posts

Showing posts with the label ඩී.එන්. දළුවත්ත

වැලිගම විශ්ව ශක්තිය රිමාන්ඩ්

Image
( 2011 ජනවාරි 15,  W3Lanka )   විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් ඒ සඳහා හැදූ යන්ත්‍රයක් ද විකුණන වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී සැඟවී සිට පෙරේදා (13 දා) නීතිඥයකුගේ මාර්ගයෙන් මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරවිය. පිළිකා ඇතුළු ලෙඩ රෝග විශ්ව ශක්‌ති ක්‍රමයෙන් සුව අතට පත් නොවුවහොත් ආපසු නැවත මුදල් ගෙවන බවට විශ්ව ශක්‌තියෙන් ලද පොරොන්දුව කඩවීම හේතුවෙන් ලක්‍ෂ 12 ක මුදලක්‌ අහිමි වීමේ හේතුව මත කාන්තාවක විසින් වැලිගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගනු ලැබූ මේ විශ්ව ශක්තිය දැන් ජනවාරි 27දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. විශ්ව ශක්තිය ගැන වැඩි විස්තර මෙතැනින් Bookmark, re...

බල්ලන් මරා හෝ සල්ලි හොයන ධනවාදය හා පිළිකා සුව කරන දළුවත්ත

Image
( 2011 ජනවාරි 07,  W3Lanka )   විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරිම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් වූ බව ඔහුගේ දැන්වීම් පළ කර මුදල් ඉපැයූ ලංකාදීප ඇතුළු පුවත්පත් වාර්තා කළ හ. අත්අඩංගුවට ගත් බව නම් වාර්තා වූයේ නැත.  ධනවාදයේ මූලික ලක්ෂණය ලාභයයි. බල්ලන් මරා හෝ සල්ලි හෙවීම ධනවාදයේ පරිවාරයේ හැටි ය.  ඩී.එන්.ඩී. සත් සේවය හිමි  ඩී.එන්. දළුවත්ත මෙන් ම විජය පුවත්පත් සමාගම හිමි රංජිත් විජේවර්ධන ද සල්ලි හොයන්නේ එක ම ක්‍රමයට ය. ලංකාදීපය දළුවත්තගේ දැන්වීම් විකුණයි. ඉන් පසු ඔහු අත්අඩංගුවට ගත් සිද්ධිය ද විකුණයි.  පිළිකාව සුව කළ හැකි යන්ත්‍රයක් ද විකුණන බව කියූ මෙම තැනැත්තා එක්තරා ඇමතිවරයකු ඔහුට මොකක්දෝ රාජ්‍ය සම්මානයක් දෙන පිංතූරයක් ද සිය ...