Posts

Showing posts with the label ඩලස්

පෙත්සම: ගරු ප‍්‍රවාහන ඇමතිතුමනි,

Image
ඔබතුමාට පමණක් නොව ඔබ වටා සිටින නිලධාරීන් කිසිවකුටත් වසර ගණනාවකින් පොදු ප‍්‍රවාහන සේවයක ගමන් කරන්නට අවස්ථාව ලැබෙන්නට නැතිව ඇති. එහෙයින් මගී ජනයාට ඇති, ඔබතුමන්ලාට නොපෙනෙන ප‍්‍රශ්න කීපයක් දෙස අවධානය යොමු කිරීම පිණිස මෙම ලිපිය ලියමි. සතියට වාර ගණනාවක් මතුගම සිට කොළඹ දක්වා ගොස් සවස ආපසු යන මම මාසයකට වරක් දෙවරක් දුර ගමන්වල ද යෙදෙමි. ඇතැම් විටෙක මතුගමට කෙළින්ම බසයක යාමට වඩා කලූතරට දුම්රියෙන් ගොස් එතැන් සිට බසයක යාම අතමිටට පහසුවක් වනවා පමණක් නොව ඉක්මන් ද වේ. මන්ද ශීඝ‍්‍රගාමී දුම්රියක් කලූතරට යාම සඳහා ගත වන කාලය මෙන් දෙගුණයක් බසයෙන් යාම සඳහා ගත වේ. සිටගෙන වුව දුම්රියෙන් යාම බසයේ වාඩි වී යාමට වඩා පහසුය. බසයේ වාඩි වී යාම අපහසු කරන හේතු කීපයක් ඔබතුමාට පෙන්වා දෙන්නේ ඒවා විසඳීම එතරම් අපහසු නොවන නිසාය. බොහොමයක් බස්වල අසුන් තනා ඇත්තේ එක්කෙනෙකුට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ලොකුවට හා දෙදෙනෙකුට ඉඩ මදි වන ආකාරයටයි. බොහෝ ලංගම බස්වල මේ ප‍්‍රශ්නය නැති නිසා අපට සිතෙන්නේ මෙය පෞද්ගලික බස් හිමියන් වැඩිපුර සෙනඟපැටවීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක්ය කියායි. බොහෝ පෞද්ගලික බස්වල කවුළු අසලින් ඇතුල් පැත්තෙන් යකඩ බට සවි කර ...