රාජපක්ෂ සමාගම ටෙලිකොම්ට වයිමැක්ස් දෙන හැටි
(2009 ඔක්තෝබර් 05- W3Lanka ) ටෙලිකොම් සමාගම තම පුලුල්පරාස සම්බන්ධතා සඳහා දැනට ඩයලොග්, ලංකාබෙල්, හා සන්ටෙල් සමාගම් වල පුලුල්පරාස අන්තර්ජාල සේවා සදහා යොදා ගන්නා වයිමැක්ස් තාක්ෂණය යොදා ගැනීමට සැරසෙන බව මාලින්දගේ බ්ලොග් සටහනෙහි සඳහන් විය. මෙමගින් ඩයලොග් මෙන්ම PSTN දුරකථන සම්බන්ධතාව හා අන්තර්ජාල සේවාව යන දෙකම ලබාගත හැකි බව ද ADSL මෙන් දුර වැඩි වෙද්දී වේගය දුර්වල වීම හා දෝෂ ඇතිවීම අවම වීමත්, උඩුගත වේගය හොඳින් ලබාගත හැකි වීමත් වයිමැක්ස් තාක්ෂණයේ විශේෂතා බව http://blog.malindaprasad.comහි සඳහන් වේ. එහෙත් ටෙලිකොම් සමාගම වයිමැක්ස් තාක්ෂණය ලබා ගන්නා ආකාරය පිටුපස භයානක දූෂණයක් ඇති බව www.anticorruptsl.com වෙබ් අඩවිය හෙළි කරයි. ටෙලිකොම් සමාගම ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා වයි-මැක්ස් සංඛ්‍යාත පහසුකම් සඳහා සංඛ්‍යාත ඉල්ලා සිටියද විදුලි සංදේශ නියාමන කොමිෂම එය ලබාදුන්නේ නැත. නමුත් ඩයලොග්, සන්ටෙල් හා ලංකා බෙල් පෞද්ගලික සමාගම්වලට ඒ සදහා සංඛ්‍යාත ලබාදී තිබේ. රජයටද කොටස් හිමිකමක් සහිත ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සමාගම වන ටෙලිකොම් සමාගමට ඒ සදහා අවසර නොදීමට හේතුව මහා පරි...