කොළඹින් දුම්රිය ටිකට් පතක් ගෙන, දුම්රියෙන් තලෙයි මන්නාරමට ගොස්, එතැන් සිට නැවෙන් ඉන්දියාවට
( 2010 දෙසැම්බර් 17, W3Lanka ) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාවික මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම සඳහා වූ අවබෝධතා ගිවිසුම ළඟදී ම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා රජයන් දෙකේ ම අනුමැතිය හිමි වී ඇති බව ද අවබෝධතා ගිවිසුම කෙටුම්පත් කරමින් ඇති බව ද රජයට සමීප ආරංචි මාර්ග පවසයි. ප්‍රථමයෙන් තලෙයිමන්නාරම හා රාමේෂ්වරම අතර ද, ටියුට්කෝර්න් සහ කොළඹ වරාය අතර ද පවත්වනු ලබන සේවාව ඉදිරියේදී දෙපාර්ශ්වයේ එකඟතාව මත දෙරටේ අනෙකුත් වරායන් අතරට ද පුළුල් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසී ය. ඉන්දියාවේ හා ලංකාවේ මෙම පියවර අපි මහත් සේ අගය කරමු. ලංකාව සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් හුදකලා දූපතක් නො වී ලෝකයේ කොටසක් වීමට දොරක් විවර කරන ප්‍රගතිශීලී පියවරක් ලෙස අපි මෙම නැව් සේවාව දකිමු. තව නොබෝ කලකින් ම කලින් පැවති ලෙස කොළඹින් දුම්රිය ටිකට් පතක් ගෙන, දුම්රියෙන් තලෙයි මන්නාරමට ගොස්, එතැන් සිට නැවෙන් ටියුටිකොරින් යන්නට ලාංකිකයන්ට හැකි වනු ඇත. ලෝකයට වැඩි වැඩියෙන් සම්බන්ධ වීම නව අභියෝග විවාත කරනු ඇත. එහෙත්, දූපත්භාවයෙන් මිදී මහාද්වීපයේ කොටසක් බවට පත් වීම ලාංකීය ජාත...