Posts

Showing posts with the label ජී.එල්. පීරිස්

හිලරි හමු වෙන්න ජී.එල්. යන්නේ මොකට ද?

Image
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යය ජී.එල්. පීරිස් වීරයා ඉදිරියේදී යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර ඇමරිකාවේ සංචාරය කරමින් 18 වනදා (බීලා නටා කීර්ති වර්ණකුලසූරියට අසු වී ඇති) හිලරි ක්ලින්ටන් නම් සංකර නෝනා සමග සාකච්ඡා කිරීමට නියමිත ය. ඒ මදිවාට ඇය ජිනීවාහි පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෙදර වැඩ පෙන්වන්නට ලෑස්ති වී එන්නැයි ද දන්වා ඇත. මුන්ට ඇහැට අඟිල්ලෙන් ඇනලා පෙන්විය යුතුයි ජිනීවාවලින් පස්සෙ තමරා කුනනායගම් සංහිඳියා කර දාපු හැටි. අනේ හැබෑට ම මොන මගුලකට හිලරි නෝනා ළඟ දන ගහන්න යනවද හැබෑට? යනව නම් යවන්න ඕනැ විමල් වීරවංශ, චම්පික රණවක වගේ සැබෑ වීරයෙකුව නේ. ඒ ගොල්ලන්ටනේ පුළුවන් හිලරි ක්ලින්ටන්ව දන ගස්සන්න. නැතිනම් මහින්ද අබේසුන්දර වගේ කෙනෙක් යැව්ව නම් සිංහලෙන් බනියි හිලරිට චූ යන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දේශප්‍රේමීනි, මෙන්න ආණ්ඩුව බෑන් කී මූන්ට කඩේ යනෝ!

Image
එදා එංගලන්තෙට 'ඇරලා' පැනලා ආපු චණ්ඩියා  (2011 ජුනි 11,   W3Lanka )   එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස බෑන් කී මූන් මහතා දෙවන වරටත් එම තනතුරට පත් කිරීමට සහාය දීම‍ට සෙසු ආසියානු රටවල් සමග ලංකාව ද එකඟ වී ඇති බව විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි. ඇමති ජී.එල්. පීරිස් සමග එක කැබිනට් මණ්ඩලයේ සිටින ලෙමන් පෆ් කකා උපවාස කළ විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපට මාර දුක ය. දැන් ඉතින් එතුමා රෙද්දක් ඇඳගෙන පා‍රේ යන්නේ කොහොම ද? ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවට වැටී ඇත. දේශප්‍රේමී නලින්, ගුණදාස, ගුණවංස ඉතින් කෝ වැඩ? පුවත්පත් නිවේදන විතර ද? කෝ අර ගිය මාසයේ අග හරියේ පවත්වනවා ය කියූ මහා උද්ඝෝෂණය? අනේ ඒක ඉක්මණට පවත්වන්න. කලකින් අපි ඔබේ දේශප්‍රේමී උද්‍යෝගය දුටුවේ නැත. ඒක නැති වුණා ම ඉතින් රට නන්නත්තාර ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනාධිපතිගෙ යුද සමය ගැන කමිටුවට හපා කන්න දත් තිබේලු | Sri Lanka President's Commission on Lessons Learned and Reconciliation has teeth

(2010 මැයි 26,  W3Lanka )  පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබඳව සොයා බලන්නැයි එක්සත් ජාතීන්, බටහිර රටවල්, මානව හිමිකම් සංවිධාන හා දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද 'ඉගෙන ගත් පාඩම් හා එකඟතාව ඇති කර ගැනීම පිළිබඳ කමිටුවට' කලින් පත් කරන ලද කමිටුවලට මෙන් නොව හපා කන්නට දත් ඇති බව ද තනි තනි පුද්ගලයන් පවා වැරදිකරුවන් කිරීමේ බලය එහි වරමෙහි අඩංගු බව ද විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් නිව්යෝක්හිදී ජනමාධ්‍යවලට පවසා තිබේ.  Peiris dismissed charges that past Sri Lankan commissions of inquiry had achieved little. "Of course it has teeth," he said of the new commission, saying its mandate gave it power to determine whether individuals should be held responsible. ලංකාවේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කරමින් සිටින බටහිර රටවල් ෂේප් කර ගැනීම සඳහා ඇමති ජී.එල්. පීරිස් මේ දිනවල යුරෝපා, ඇමරිකා සංචාරයක නියැලී සිටියි. ඔහු 2002 කොටි සංවිධානය සමග අත්සන් කරන ලද සාම ගිවිසුමේ ඉංජිනේරුවකු වන අත...