වැදි බස, වැදි රැස පිළි ගන්න ඔබ සූදානම් ද | Grant recognition for Vedda language and ethnicity
Oregon State University medical anthropology graduate student Jill Priest (left) and Danigala Vedda chief Maha Bandaralage Randunu Wanniya (vedda.org) (2010 අගෝස්තු 09, W3Lanka ) අද ලෝක ආදි වාසී දිනයයි. ලංකාවේ ද සුපුරුදු කැලැන්ඩර් සංදර්ශනයක් පැවැත්වෙන්නට ඇත. අපේ රටේ ආදි වාසීන් සිටීම අපට ආඩම්බරයකි. අපට ඔවුන් සුද්දන්ට පෙන්විය හැකි ය. අපට ම වුවත් බලන්නට ගොස් මී පැණි ටිකක් අරන් ආ හැකි ය. වැදි ජන ගී මොඩ් කර ගායනා කළ හැකි ය. පෙරහරවලදී කළු ළමයින් කීපදෙනෙකුට කොළ අතු අන්දවා පොරෝ අතට දී වැදි නැටුම් නැටවිය හැකි ය. බී ගත් විට ඕයේ ඔජායේ වැනි ගීත ගයා නැටිය හැකි ය. වැදි ජනයාට නම් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැත. සම්ප්‍රදායිකව ඔවුන් දිවි ගෙවූ කැළෑව ඔවුන්ගෙන් උදුරාගෙන වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන දැන් සුද්දන්ට සෆාරි යාම සඳහා සූදානම් කෙරෙමින් තිබේ. මිනිස් ගජ්ජුන්ට අවශ්‍ය සංදර්ශන පෙන්වීම වෙනුවෙන් වැදි ජනයා කෙටේරි කරේ ගසාගෙන සිටිය යුතු ය. නවීන වීම සඳහා ද ඔවුන්ට අවස්ථා නැත. දඩයමට කැළෑ නැත. ගොවිතැනට ඉඩම් නැත. ඉඩමට වතුර නැ...