Posts

Showing posts with the label ජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමිය

වැස්ස වළාහක දෙවියනි, ගංවතුරට යට වූවන් නොව ඉන්දීය සිනමා උළෙල බේරා දීමට වැස්ස නවත්වන්න

Image
(2010 මැයි 23 -  W3Lanka )  ජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමිය විසින් ලංකාවේ පැවැත්වීමට නියමිත IIFA සිනමා සම්මාන උළෙලට සතියක් තිබියදී කොළඹ නගරය ගංවතුර නිසා අපායක් වීමෙන් පාලකයන්ට මළ පැන ඇති බව වාර්තා වේ. ජුනි 3දා සිට 5දා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිත සුගතදාස ක්‍රීඩාංගනය වටා පෙදෙස් ගංවතුරට යට වී ඇත. ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පැවැත්වීට නියමිත නළු නිළි ක්‍රිකට් තරගය ද වැස්සේ තර්ජනයට ලක්ව ඇත. මේ ක්‍රිකට්‌ තරගය ජුනි 04 සිකුරාදා ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්‌වා කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සල්මන් ඛාන්, රිත් රෝෂන්, ෂාරුක්‌ ඛාන්, සුනිල් සෙට්‌ටි සහ රිත්ක්‌ දේශ්මුක්‌ ඇතුළු ඉන්දීය සුපිරි තරු ඉන්දීය කණ්‌ඩායම නියෝජනය කරන අතර මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන ඇතුලු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරති. කොළඹ පේමන්ට් කඩ ඉවත් කිරීම, සිඟන්නන් මර්දනය හා අනවසර පැල්පත් නිවාස කඩා ඉවත් කිරීම ආදී දිළින්දන්ට එරෙහි කටයුතු පසුගියදා ලහි ලහියේ කොළඹ සිදු වූයේ තිරයේ අසාධාරණයට විරුද්ධව සටන් කරන බොලිවුඩ් වීරයන් සහභාගි ...