හොස්නි මුබාරක්, චාල්ස් ටේලර් සිපිරි ගෙට යැවූ ලෝක නීතිය හා සදාචාරය
ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔහු සමග ඔහුගේ අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා ද ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වී සිටිති. ඒ 2011 වසරේ ඔවුන්ගේ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී වෙඩි තබා මහජනතාව ඝාතනය කිරීමට පියවර ගැනීමේ වරදට ය. සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති හිලව්වට එරට කැරැලිකරුවන්ට අවි ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට 50 වසරක සිර දඬුවමක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විසින් පනවනු ලැබුවේ පසුගිය 30දා ය. ලෝක නීතිය හා සදාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ රටක ජනතාව මරා දැමීමට හා පොදු සම්පත් සොරකම් කිරීමට ඒ රටේ හෝ වෙනත් රටක පාලකයන්ට අයිතියක් නැත. එය ඇමරිකාව වැනි බලවත් රටවලට මෙන් ම ලයිබීරියාව වැනි දිළිඳු රටවලට ද පොදුවේ ක්‍රියාත්මක විය යුතු ය. ඇමරිකාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වුණා ය කියා වෙනත් රටවල පාලකයන්ට ද එවැනි අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ලබා ගැනීමට අයිතියක් නිර්මානය නො වේ. දුබල ...