ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'
පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය. ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය. මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි. සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පාහේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි. සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ...