ගුනදාස අමරසේකර අරුණලු දකින්නේ කවදාද?
ගුනදාස අමරසේකර ලංකාවේ විශිෂ්ටම නවකතාකරුවන් අතරින් කෙනෙකුබවට තර්කයක් නැත. ලේඛකයා යනු කවරෙක්ද? ඔහු තවත් එක් වෘත්තිකයකු පමණි. ඔහු අනිවාර්යයෙන්ම මානව හිතවාදියකු, යථාර්ථවාදියකු, ප්රගතිශීලියකු විය යුතු නැත. විශිෂ්ට ලේඛකයකුට කෙතරම් වර්ගවාදියකු, ප්රතිගාමියකු හා මානව පමණක් නොව ඉතිහාස විරෝධියකු පවා වීමට පුළුවන්ද යන්නට නිදසුනකි, ගුනදාස අමරසේකර. අමරසේකරට වතුර කොරහේත් ඇමරිකන්, බටහිර හා කොටි කුමන්ත්‍රණ පෙනීම ඔහුගේ සමාජ න්නෝන්මාදයේ දීර්ඝකාලීන රෝග ලක්ෂණයකි. ජාතිවාදය යනු ලංකාවේ බොහෝ සිංහල, දෙමළ මිනිසුන්ගේ පොදු රෝගයක් බැවින් එය එතරම්ම අසාමාන්‍ය නැත. ඒ නිසා ගුනදාස අමරසේකරගේ ජාතිවාදී අදහස් පවා යම් පමණකට ඉවසිය හැකිව තිබිණි. එහෙත්, මේ විශිෂ්ට මිනිසා දැන් කොන්දේසි විරහිතවම ආණ්ඩුව විසින් දෙනු ලබන ඕනෑම අසූචි බාල්දියකට කරගැසීමට සූදානම්වීම ඇත්තෙන්ම ගුනදාස අමරසේකර යන නමටද කැළලකි. ගුනදාස අමරසේකරට තමා කැමතිනම් ජාතිවාදියකු, ඉතිහාස විරෝධියකු වීමට අයිතියක් ඇත. දීනයකු, බැලයකු වීමට වුව හැකිය. ඒත්, මෙ තරම් ම ලජ්ජා විරහිතව ? කුමන මතයක් ප්‍රකාශ කරමින් වුව හ ෝ කතාකරුවකු ලෙස සිටියයුතු ම ේ මහළු මිනිසා පුව...