Posts

Showing posts with the label ගීතා කුමාරසිංහ

ගීතා කුමාරසිංහ, මේජර් අජිත්, වේසි, පොන්නයා හා ස්ත්‍රීවාදිනිය

Image
නදීෂාගේ තිබෙන්නේ ආසියානු ලස්සන. ආසියාවේ මිනිස්සු බටහිර slim කෙට්ටුවට කැමති නැහැ. දැන් ගීතා කියනවා ඇය දකුණු පළාත් සභා මහ ඇමති වන්නට තරග කරනවා ය කියලා. ඒ එක්කම පසුගිය දිනෙක රැස්වීමකදී වලියක් යනවා. ඒකෙදි අර මේජර් අජිත් ප්‍රසන්න කියන දේශපාලකයා ගීතාට වේසි කියනවා. ඇය නිදා නොගත් මිනිහෙක් නැති බවත් කියනවා. එත‍කොට ගීතා ඔහුට බනිනවා පොන්නයා කියලා. ඊට පස්සෙ අජිත් ප්‍රසන්න උපවාසයක් ද මොකක් ද කරනවාලු. දැන් මෙතන තිබෙන දේ මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනයේ 99%ක් ම ඉන්නේ පිරිමි. උන් බහුතරය පල් හොරු. එතකොට උන්ට එ‍රෙහිව දේශපාලනයට එන අනෙක් අය වේසියෝ. ඊයේ මම ලංකාවේ ෆෝබ්ස් සඟරාවේ ලංකාවේ බලවත් ගැහැනු 50 ගැන පළ වූ ලිපියක් මෙහි දැක්වූවා. මම හිතන්නේ මේ කාන්තාවන් තුළ දේශපාලනයට එන්න කිසිදු අදහසක් නැහැ. අප දන්නා ආයතන බොහොමයක ප්‍රධානියෝ කාන්තාවෝ. මේ කාන්තාවෝ බොස්ලා විදියට හරි තදයි. අනම්‍යයි. මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්. කාන්තාවන්ට විතරක් නෙමෙයි, මහත්මා ගති තිබෙන පිරිමින්ටත් ලංකාවේ දේශපාලනයේ සාර්ථක වන්න බැහැ. දේශපාලනයට පැමිණ තිබෙන සමරිසි ල...

W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

Image
(2010 මාර්තු 29- W3Lanka  )  ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ. 'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි: රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ ම‍හින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ. මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි. "අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි. "එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙ...

මෙන්න ගීතා දේශපාලනයට ආ හැටි | How Geetha entered politics

Image
* මෙපමණ කලක් සිනමාවේ රැඳී සිටි ඔබ මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මොකක්ද මේ දේශපාලන ආගමනයට හේතුව ? සිනමාවේ හිටියට මටම ආවේණික වූ දේශපාලන දර්ශනයක් ඒ කාලයේ මට තිබුණා. මම දේශපාලනයට අලුත් කෙනෙක් කියලා කවුරුහරි කියනව නම් ඒක සම්පූර්ණ බොරුවක්. මම සිනමාවට ආව කාලයේදී ඒ කියන්නේ 1977 දී මම නතර වෙලා හිටියේ සීවලී රත්වත්තේ මහත්තයාලගේ ගෙදරයි. සීවලී රත්වත්තේ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොහොයුරායි. ඒ නිවසේ මම නතර වෙලා ඒ ගෙදරම ඉන්න කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය, අනුර බණ්ඩාරනායක මහත්තයා ආවා ගියා. මම අවුරුදු 16 ක පොඩි ගැහැනු ළමයෙක් හැටියට එදා මගේ කණට වැටුණේ ඒ දේශපාලනයයි . (දිනමිණ 2010 මාර්තු 02)