Posts

Showing posts with the label ග්‍රීස් යක්කු

ග්‍රීස් යක් බිය නිසා පොලිස් නිලධාරියකුට, අපස්මාර ලෙඩෙකුට පහර දී මරලා

Image
Policeman, epilepsy patient beaten to death thanks to Grease Devils; are we crazy? Posted by  Editor   at  7:48 AM   Monday, August 22, 2011 Labels:  grease devil ,  grease yaka ,  myths A police officer was beaten to death and five civilians were shot and injured in Sri Lankan yesterday in an incident related to the fear psychosis known as Grease Devil. The incident took place in Managunduwa in Puttalam area as some people caught a suspicious person. As they were taking him to be handed over to the Village Officer, they were shot by an unidentified group injuring five persons including a woman.  A tense situation erupted there and Navy and Army officials were deployed to defuse the tension. However, police say hundreds of e people pelted stones at the security forces. Meanwhile. a police officer was caught by the mob and his body was later found beaten to death, police say.  Read the full article in W3Lanka English මේ ලිපියට ඔබ කැමති...

ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය

Image
ආණ්ඩුව ග්‍රීස් යකා ද ජනතා විමුක්ති පෙරමුණට ගැට ගැසීමට දුෂ්ඨ උත්සාහයක යෙදෙයි.   "ගී‍්‍රස් යකා යන ව්‍යාජ සංකල්පයක් ඔස්සේ කටකතා පතුරුවා රට තුළ නොසන්සුන් බවක් ඇති කිරීමට මූලික වී ඇත්තේ පිරිහීමට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් බවට තොරතුරු අනාවරණය වෙයි. 1988 - 89 යුගයේ කඩදාසි කැබැල්ලකින් කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර පසුව එය භීෂණයක් දක්වා ගෙන යාමට මූලික වී ඇත්තේ ද මේ දේශපාලන ව්‍යාපාරය බව හෙළිව තිබේ." - අද දිනමිණ මුල් පුවතෙන් ජවිපෙට ප්‍රාදේශීය සභාවක ආසනයක් හෝ දිනා ගත නො හැකි මේ ග්‍රීස් යකුන් සිටින ප්‍රදේශවල ඉතිරි වී සිටින එක් හෝ ජවිපෙ සාමාජිකයකු වේ නම් ඔවුන්ට ජීවිත අනතුරක් ඇති කිරීමට මේ ඔස්සේ ආණ්ඩුව මාන බලන බව පෙනේ.  ඇත්ත වශයෙන් ම මෙවැනි කතා කියන්නෝ නම් සැබැවින් ම ග්‍රීස් යක්කු ය. මේ ග්‍රීස් යක්කු නිර්මානය කිරීමට දර දිය ඇද්ද ජවිපෙ ද මේ නෙළා ගනිමින් ඉන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි.  මෙවැනි මුග්ධ සමාජයක් මේ රටේ බිහි වීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පාර්ශ්ව දෙක වන්නේ ජවිපෙ සහ කොටි සංවිධානයයි. සමාජය දේශපාලනික හා සබුද්ධික කරනවා වෙනුවට තමන් පසුපස එන අඥාන, මුග්ධ ජනරාශි බවට ...

ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය

Image
(2011 අගෝස්තු 13,   W3Lanka )  මේ රටේ පාලකයන්ට පමණක් නො ව වැසියන්ට ද පිස්සු ය. උන්ගේ අලුත් ම පිස්සුව ග්‍රීස් යක්කුන් ඇල්ලීමේ පිස්සුවයි. මේ ග්‍රීස් යක්කු වනාහි බොහෝ විට පුවත් නැතිව වේලෙන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ නිර්මාන වේ. එහෙම නැතිනම්, සායනික ප්‍රතිකාර අවශ්‍ය අසරණ මානසික රෝගීහු ය. ළිං ළඟ නානායක්කාර පාරක් දාන මිනිස්සු හැමදාමත් මේ සමාජයේ සිටිය හ. එහෙමත් නැතිනම්, සාමාන්‍ය හොරු ය. ඔය වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග පිටින් සොරකම් කර රජුන් වගේ ඉන්න වෘත්තීය හොරු නො ව, දාඩිය මාන්සියෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නා සාමාන්‍ය හොරු ය. ලංකාවේ මිනිස්සු දවස පුරා ආගමික වතාවත් කරති. එයින් දුරු නො වන අසහනය දුරු කර ගැනීමට කිසිවකු අතට හසු වුවහොත් සමූහයක් එක් වී පහර දී මරා දමති. හපුතලේ ග්‍රීස් යකකු පමණක් නො ව, ග්‍රීස් යකාට පහර දෙනු වීඩියෝ කළ අයෙකු ද මිනිසුන් විසින් පහර දී මරා දමන ලද බවක් වාර්තා විය. ස්වර්ණවාහිනියේ, සිරසේ කට්ටිය දැන් පණ යනකල් මේ වීඩියෝව හොයනවා ඇත. විකුණාගෙන කන්නට ය. නීතිය බල්ලාට ගොසිනි. ග්‍රීස් යකුන් යයි කියන මිනිසුන් පොලිසිය විසින් නො මරන ලද නිසා, මරන්නට තමන්ට...