මෙන්න ආණ්ඩුවේ අලුත්ම බඩා ගැහිල්ල; ගණ පූර්ණ කෙළිය
(2009 සැප්තැම්බර් 26 - W3Lanka ) ලංකාවේ ආණ්ඩුවේ නවතම සෙල්ලම පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති කර විපක්ෂය අපහසුතාවට පත් කිරීමද යන සැකය මතු කරන සිද්ධියක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු විය. සිද්ධිය වූ ආකාරය අද දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේයි. සභා ගැබෙහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ යෝජනාව ඊයේ (25) පස්වරුවේ විවාදයට නොගැනිණි. සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කැර තිබුණේ රවි කරුණානායක මහතාය. ඒ මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නැගී සිටි මොහොතේ සභාවේ ගණ පූර්ණය නොමැති බවට මගී ප්‍රවාහන සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා මුලසුනට පෙන්වා දුන්නේය. මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කිරීමට ලේකම් මණ්ඩලයට උපදෙස් දුන්නේය. සීනුව නාද වීමත් සමඟ සභා ගැබට මන්ත්‍රීවරුන් පැමිණියද එම සංඛ්‍යාව ගණ පූර්ණයට ප්‍රමාණ නොවන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා මුලසුනට පෙන්වා දුන්නේය. දෙවන වරද සීනුව හැඩවිණ. එවරද ගණ පූර්ණය සම්පූර්ණ නොවීම නිසා ඔක්තොම්බ...