W3Lanka හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය වූ වගයි.....
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය ලෙස W3Lanka සම්මාන දිනූ බව නිහතමානී සතුටින් දැනුම් දෙමු. අප සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මාණය ආරම්භ කළේ සම්මාන බලාගෙන නොව, කාලීන සමාජ-දේශපාලන සිදුවීම් පිළිබඳ ගතානුගතික ඇසින් වෙනුවට ජනතාවාදී විකල්ප නෙතකින් ද බැලීමට සමාජය උනන්දු කරන්නයි. අපට ලැබුණු සම්මානය අප දිරි ගැන්වීමක්. දිගට ම අප සමග රැඳෙන්න.