Posts

Showing posts with the label කොරියාව

කොරියාවේ ගල් වන මල්ලිලා නංගිලා වෙනුවෙන්

Image
කොරියා සිහින විභාගය - Sunday Times photo ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුත් කොරියාවේ රැඳී සිටින 4000ක් ශ්‍රී ලාංකිකයන් නිසා මේ වන විට ගැටලුවක් ඇති වී තිබේ. ඔවුන්ගේ නීති විරෝධී රැඳී සිටීම නිසා අලුතින් එහි යන්නට සිටින පුද්ගලයන්ට අවස්ථාව නො ලැබෙන තත්වයක් මතු වී තිබේ. මේ අතර සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඊශ්‍රායල් රජය ද ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. එසේ රැඳී සිටීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිය පළ කර සිටී. ඊශ්‍රායලයේ නම් වැඩිපුර ලාංකිකයන් සිටින්නේ සත්කාරක සේවයේ ය. එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය.  ඔවුන් සිය සේවා ගිවිසුම අවසන් කර ලංකාවට එන්නේ කිසියම් නිෂ්පාදන ක්ෂේත්‍රයක විශේෂඥ පුහුණුවක් සහිත කම්කරුවන් ලෙසයි.  එහෙත්, ලංකාවට පැමිණි පසු මේ බොහෝ දෙනෙක් කරන්නේ කඩ දැමීම, කඩ කාමර කුලියට දීම, ත්‍රිරෝද රිය හෝ වෙනත් වාහන සේවා සැපයීම, පොළියට දීම, ජෝඩුවලට කාමර කුලියට සැපයීම වැනි නිෂ්පාදන ආර්ථිකයට...

ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

Image
(2010 මැයි 25,  W3Lanka )   ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි.  හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය.  කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය.  අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා ...