Posts

Showing posts with the label කඳුරට දෙමළ

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

Image
මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන. ජාතිය දෙමළ වීම නිසා මිනිසුන්ට සිදු වන අසාධාරණයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පෙන්විය හැකි ය. කොච්චර උත්තර දුන්නත්, සිංහල ජාතිවාදියෝ මේ ප්‍රශ්නය නැවත නැවත අසති.  දෙමළ ජාතිකවාදීන්ට නම් මේ ප්‍රශ්නය විහිළුවක් වන්නට පුළුවන. එහෙත්, සිංහල සමාජය තවමත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයට හරි පිළිතුරක් නැති ය කියා ය. දෙමළ ජාතිවාදීන්ට ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් සිංහලයන් තුළ ඇති කිරීමේ උවමනාවක් කිසිදු කලෙක නො තිබිණි.  සිංහලයකු වන මම මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයාගේ මෙන් ම සියලු ලාංකිකයන්ගේ ද අනාගතය හා මේ රටේ අනාගතය ද තීරණය වූයේ හා වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීම මත නිසා ය. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත.  දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිහාසයේ කිසියම් කෙටි කාල පරිච්ඡේද කීපයකදී හැර ලංකාව එක් සේසත...

පශ්චාත් යුද සංහිඳියාව සඳහා දෙමළ ජාතික සන්ධාන ඉල්ලීම්වලට ෆොන්සේකාගෙන් කොළ එළිය

Image
( 2010 ජනවාරි 04 -W3Lanka) අත්අඩංගුවේ පසු වනකොටි සැකකරුවන් 12,000කට පොදු සමාවක් පිරිනැමීම සරත් ෆොන්සේකා දෙමළ ජාතික සන්ධානය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුමේ වගන්තියක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙය පශ්චාත් යුද සමයේ සංහිඳියාව ඇති කිරීම සඳහාත්, දේශපාලන විසඳුමක් සඳහා පසුබිම සකස් කර ගැනීම සඳහාත් අවශ්‍ය පියවරක් බව දෙමළ ජාතික සන්ධානයට සමීප ආරංචි මාර්ග පවසයි.  උතුරු-නැගෙනහිර අධි ආරක්ෂක කලාප ඉවත්කර ජනතාව එහි පදිංචිකිරීම, හමුදා කඳවුරු සීමා කිරීම, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබේ.  මෙම ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ද දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබෙන අතර ඒවායින් බොහොමයකට ඔහු එරෙහි වී ඇති බව ද වාර්තා වේ.

කඳුරට දෙමළ අනන්‍යතාව වෙනුවෙන් සටන් කළ චන්ද්‍රසේකරන්ට අපේ ආචාරය!

Image
( 2010 ජනවාරි 04 -W3Lanka) කඳුරට ජනතා පෙරමුණේ හිටපු නායක පී. චන්ද්‍රසේකරන් අද සිය ජනතාවගෙන් සමු ගනියි.  1957 ඉපිද හැටන් හයිලන්ඩ්ස් විදුහලෙන් අධ්‍යපනය ලබා හිටපු වතු කම්කරු නායක සෞම්‍යමූර්ති තොන්ඩමන් යටතේ ලංකා කම්කරු කොංග්‍රසයට බැඳී 1977දී එහි උප සභාපති ධුරයකට තේරී පත් වූ චන්ද්‍රසේකරන් තිස් වසරකට පසු වතු කම්කරු ජනයා සර්වජන ඡන්ද බලය උර ගෑ 1977 මහ මැතිවරණයේදී තොන්ඩමන්ට නුවරඑළිය - මස්කෙළිය අසුනෙන් තුන්වන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වීමට වැඩ කළේ ය.  කඳුරට දෙමළ ජනයාගේ පුරවැසි හිමිකම් සහ නිදහස වෙනුවෙන් සටන් කළ සටන්කාමී නායකයකු වන ඔහු 1989දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් බිඳී කඳුරට ජනතා පෙරමුණ බිහි කළේ ය.  ත්‍රස්ත චෝදනා පිට අත්අඩංගුවේ සිටියදී 1993දී මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ චන්ද්‍රසේකරන් 1994දී එජාප පාලනය පෙරළා දැමීම සඳහා විපක්ෂයට වතු කම්කරු ජනයාගේ සහාය ලබා දුන් නියමුවකු විය.  ඉන්දීය දෙමළ, වතු දෙමළ ආදී වශයෙන් හැඳින්වුණු කඳුරට දෙමළ ජනයාගේ අනන්‍යතාව කඳුරට දෙමළ ලෙස සලකුණු කිරීම සඳහා චන්ද්‍රසේකරන්ගේ අරගලය ඉවහල් විය. අපි මෙම සුළු ජාතික නායකයාට ආචාර කරමු.

කඳුරට දෙමළ ඡන්ද මහින්දගෙන් ඈත් වන ලකුණු

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ආර්. යෝගරාජන් සහ නියෝජ්‍ය ඇමති එම්. සචිතානන්දන් එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහයෝගය පළ කිරීම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කඳුරට දෙමළ ජනයාගේ ප්‍රතිචාරය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට ඉඩ ඇති බව පෙනේ. යෝගරාජන් විපක්ෂයට එක් වෙමින් පෙන්වා දුන් කරුණක් වන්නේ තම ප්‍රජාව වන ඉන්දීය සම්භවයක් ඇති කඳුරට දෙමළ ජනතාව පසුගිය බස්නාහිර හා සබරගමු පළාත් සභා ඡන්දවලදී තම පක්ෂයේ එක් නියෝජිතයකු හෝ පළාත් සභාවලට පත් නො කිරීමෙන් තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඇති සන්ධානය ප්‍රතික්ෂේප කර ඇති බවයි. පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගොස් සිටියදී පවා වතුකරයේ ජනයා මහින්දට එතරම් කැමැත්තක් පෙන්වූයේ නැත. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තොන්ඩමන්, චන්ද්‍රසේකරන් හා අනෙක් සියලු වතු කම්කරු නියෝජිතයන්ගේ සහයෝගයෙන් සන්ධානය ඡන්ද 146,418ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 128,289ක් ලබා ගත්තේ ය. වතුකරයේ හදවත වන් නුවරඑළ...